English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අතුරුදහන්වුවන් සම්බවෙයි !
(2016-04-01)

<< Go Back
Share |   



අතුරුදහන්වී යැයි කී සිව්දෙනෙක් සිටින බවට අනාවරණයක්. වැලිඔය ප‍්‍රදේශයේ අතුරුදහන් වී ඇතැයි පැමිණිළි ලද පුද්ගලයෙක් පිළිබඳ සෙවීමේදි ඔහු වෙනත් කාන්තාවක් සමඟින් කටුණායක ගුවන් තොටින් වෙනත් රටකට ගොස් පදිංචි වී ඇති බවට ද අතුරුදහන්වුවන් පිළිබඳ සොයාබැලීමේ කොමිසම අනාවරණය කරගෙන ඇත.

යුධ සමයේදි අතුරුදහන්වු බවට පැමිණිළි ලැබී ඇති සිව්දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් බවත් ඉන් පුද්ගලයින් තිදෙනෙකු මාලදිවයිනේ සිරභාරයේ සිටින බවටත් අනාවරණය කරගත් බව අතුරුදහන්වුවන් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ ප‍්‍රධාන විනිසුරු මැක්ස්වෙල් පරණගම දන්වා සිටියි.


මේ පිළිබඳ හෙළිදරව්ව ඔහු විසින් ප‍්‍රකාශකරනු ලැබුවේ, එම කොමිසම අතුරුදහන්වුවන් පිළිබඳ සොයාබැලීමේ ක‍්‍රියාවලිය සඳහා උතුරේ වව්නියාවේ දි සාක්‍ෂි සටහන්කර ගැනිමේ ක‍්‍රියාවලිය අවසන් කරමිනි.  

මෙසේ තොරතුරු අනාවරණය කරගත් සිව්දෙනා පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත්කිරීමක් ඉදිරියේදි සිදුකරණ බව කොමිසමේ ප‍්‍රධාන විනිසුරුවරයා ප‍්‍රකාශ කරයි.

අතුරුදහන්වු පුද්ගලයින් පිළිබඳ වගකීම, ප්ලොට් , ඊ පී ආර් එල් එෆ් සහ ඊ පී ඞී පී යන පක්‍ෂ විසින් ද දැරිය යුතු යැයි ද විනිසුරුවරයා අවධාරණය කරයි. 

දින 10 ක් තුළදී වන්නි දිස්ත‍්‍රික්කය පුරා මෙවර අතුරුදහන්වුවන් පිළිබඳ පැමිණිළි සහ සාක්‍ෂි භාරගැනිමේ කොමිසම ක‍්‍රියාත්මක වු අතර, පුද්ගලයින් 1049 දෙනෙකු සාක්‍ෂි ලබාදුන් බවත් ඊට අමතරව නව පැමිණිළි 306 ක් ලැබුණු බවද ඔහු සඳහන් කරයි.

-    මෙලනි     







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.