English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජීනීවා සැසියේදි ලංකාව ගැන ප‍්‍රකාශයක් !
(2016-03-09)

<< Go Back
Share |   


තිස් එක්වැනි ජගත් මානව හිමිකම් සැසිවාරය හෙට (10දා)  ජීනිවා නුවරදී ආරම්භ වෙයි. ඊට සමගාමිව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ශ‍්‍රි ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත බවත් ශ‍්‍රි ලංකාව පිළිබඳව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු වාර්තාව එළඹෙන සැප්තැම්බර් මාසය තෙක් කල්දමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම විශේෂ ප‍්‍රකාශය හරහා මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් විසින් ශ‍්‍රි ලංකා සංචාරයේදි සිදුකළ නිරීක්‍ෂණ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට නියමිත බව ද සඳහන් වෙයි.



සැප්තැම්බර් මාසයේදි ශ‍්‍රි ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමේදී ඊට අදාළ ඡන්ද විමසීමේදි කවුන්සිලයේ බහුතර රටවල සහය ශ‍්‍රි ලංකාවට හිමිවනු ඇති බවද එම පුවත් වාර්තා කරයි.

මේ අතර පසුගිය 08 වෙනිදා මාධ්‍යට අදහස් දක්වමින් මානව හිමිකම් පිළිබඳව හිටපු ශ‍්‍රි ලංකා නියෝජිත මහින්ද සමරසිංහ ප‍්‍රකාශ කළේ ජාතික ආණ්ඩුවක් හරහා ශ‍්‍රි ලංකා රජය අත්පත් කරගෙන තිබෙන ප‍්‍රගතිය පිළිබඳව අල් හුසේන් කුමරු අදහස් දක්වනු ඇති බවත් ඔහු විසින් සිදුකිරීමට නියමිත ප‍්‍රකාශය ශ‍්‍රි ලංකාවට සුභවාදි ප‍්‍රකාශයක් වනු ඇති බවත්ය.

යම් යම් අවස්ථාවලදි මෙරටදී මෙන් ම එරටදී ද අගමැතිවරයා සහ ජනාධිපතිවරයා යම් යම් පරස්පර විරෝධි ප‍්‍රකාශ නිකුත් කළද සිදුවුණු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් රට තුළ මන්දගාමී ආකාරයකින් හෝ යම්කිසි ප‍්‍රගතියක් ඇති වී තිබීම කුහක කමින් තොරව කවුරුත් පිළිගත යුතුය.

එහෙත් අසාධාරණයට පීඩාවට පත්වුවන් වෙනුවෙන් යුක්ති සාධාරණය ඉටුකිරීම පුදුමය දනවන ආකාරයෙන් ප‍්‍රමාද වීම ගැන සෑහීමකට පත්විය නොහැකි යැයි ද කිව මනාය.

-මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.