English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
පුනරුත්ථාපනයට අකමැතිනම් නඩු !
(2016-02-10)

<< Go Back
Share |   



පුනරුත්ථාපනය සඳහා යොමුවීමට අකමැති අත්අඩංගුවේ පසුවන එල්ටීටීඊ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව ත‍්‍රස්ත මර්දන එ්කකය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට දන්වා ඇතැයි බීබීසී පුවතක් වාර්තා කර තිබිණි.

ඇප මත මුදාහැර සිටින එල්ටීටීඊ සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව ගොණුකළ පැමිණිල්ලක් අධිකරණයට කැදවු අවස්ථාවේදි ත‍්‍රස්ත මර්ධන ඒකකයි විසින් මේ බව සඳහන් කර ඇත.

 ඇප මත මුදාහැර සිටින මෙම සැකකරුවන් පුනරුත්ථාපනය සඳහා යොමුකරවන ලෙ ස නීතිපතිවරයා උපදෙස් දීඇතිබව වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර ඇත.

ඊට තමන් අකමැති බව සැකකරුවෝද අධිකරණයට දන්වා ඇතැයි එම බීබිසි පුවත සඳහන් කරයි.

සැකකරුවන් කිසිදු වැරද්දක් සිදුකොට නැති බැවින් එසේ පුනරුත්ථාපනය වීමට අකමැත්ත ප‍්‍රකාශ කළ බව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටී නීතීඥ කේ වී තවරාසා ප‍්‍රකාශ කර ඇත.

මෙම සැකකරුවන් හට ඇප ලබා දෙන ලෙසට හෝ නිදහස්කරන ලෙසට තමන්ට උපදෙස් ලැබී නොමැති බව අධිකරණයට දන්වා සිට ඇති පොලීසිය, මෙම සැකකරුවන් පුනරුත්ථාපන ක‍්‍රියාවලියේ නිරත වීමට  එකඟ නොවේ නම් , ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය දන්වා ඇත.

ඒ අනුව පැමිණිල්ල ජුනී මස 01 වෙනිදා කැදවීමට නියමකළ  අධිකරණය එදිනට ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අධිකරණය දැනුවත් කරන මෙන් ද ත‍්‍රස්ත මර්ධන ඒකකයට නියම කළේයැයි එම පුවත වාර්තා කරයි.

-    මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.