English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නිල සංචාරය අවසානයේ දී ඔහු මෙසේ කීවේය !
(2016-02-09)

<< Go Back
Share |   



ශ‍්‍රී ලංකාව තුළ සිදුවු බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණය ශ‍්‍රී ලාංකීක යාන්ත‍්‍රණයක් විය යුතු බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් අද (09) කොළඹදී පැවති සිය සංචාරය සමාප්ත කිරිමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව කෙරෙන චෝදනා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කිරීම සඳහා එක්සත් ජාතීන් යෝජනා කර නැති බව පැවසු මහ කොමසාරිස්වරයා , ජාත්‍යන්තර අපරාධ අධිකරණය හරහා පරීක්‍ෂණයක් සිදුකිරීම ප‍්‍රායෝගික නොවන බව පැවසීය.

උතුරේ දමිළ යුධ අනාථයින්ගේ ඉඩම් ප‍්‍රශ්නය පිළිබඳව සහ බන්ධනාගාරගතව සිටින දමිළ සිරකරුවන් පිළිබඳව අදහස් දැක්වු මහ කොමසාරිස් සෙයිඞ් කියා සිටියේ , හමුදාවන් බාරයේ තබාගෙන සිටින ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදීම වේගවත් කළ යුතු බවත් , බන්ධනාගාර ගතව සිටින පිරිස් නිදහස් කිරීමට හෝ ඔවුනට එරෙහිව චෝදනා ගොණු කිරීමට ආණ්ඩුව කඩිනම් ක‍්‍රමවේදයක් සොයාගත යුතු බවයි.

අවසන් වශයෙන් ඔහුගේ සංචාරයේ නීරික්‍ෂණය පිළිබඳවත් අදහස් දක්වමින් මෙසේ් ප‍්‍රකාශ කළේය. "නිදහස් දිනයේදි භාෂා දෙකකින් ජාතික ගීය ගායනා කිරිමත්, උතුරේ මහ ඇමතිවරයා නාග විහාරයට යෑමත් , තමා ඝාතනය කිරීමට සැළසුම් කළ එල්ටීටීඊ සිරකරුවාට ජනාධිපතිවරයා විසින් සමාව දීමත් වැනි ක‍්‍රියාවන් ජාතින් අතර සංහිදියාව ඇතිකිරීම සඳහා නව රජය ගෙන ඇති ශූභවාදි පියවරයන් ලෙසට මා දකිනවා."
 
-    මෙලනි







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.