English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මෛත‍්‍රී - රනිල් ආණ්ඩුව තවදුරටත් ජනතාවාදී ද ? ක‍්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය
(2016-02-01)

<< Go Back
Share |   



මේ වන විටදීත් කොළඹ වරාය නගරය පිළිබඳව මූලික අයිතිවාසිකම් නඩුවක් හා රිට් ආඥාවක් ඉල්ලා තවත් නඩුවක් ශ‍්‍රී ලංකාවේ උසාවිවල ඇසෙමින් තිබියදී හා පරිසර ඇගැයුම් වාර්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ ක‍්‍රියාවලිය අවසන්ව නොතිබියදී, රටේ අගමැතිවරයා ප‍්‍රමුඛව රජයේ ඇතැම් ඇමතිවරු පෝර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බවට තිරසාරව ප‍්‍රකාශකරන්නේ කුමන පදනමක් මත දැයි "ක‍්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය” ප‍්‍රශ්න කරයි.

අද දින (01), මාධ්‍ය නිවේදනයක් නිකුත්කරන ක‍්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ දී පැවති ලෝක ආර්ථීක සමුළුවේදි සිදුකළ එම මවිතය දනවන ප‍්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බව සඳහන් කරයි.

"පසුගිය දිනවල අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වු ලෝක ආර්ථීක සමුළුව අමතමින් කොළඹ වරාය නගරය ස්ථීර වශයෙන් ඉදිකරන බවට සහතිකයක් දී ඇති බව මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කළේය. එහිදී චීන ආයෝජකයින් හට ආරාධනා කළ බව ද වාර්තා විය. ඊට පෙර අවස්ථා කීපයක දී ඉරාන් වික‍්‍රමසිංහ, සුජීව සේනසිංහ යන ඇමති වරුන් ද කොළඹ වරාය නගරය පිළිබඳව අදහස් ඉදිරිපත් කරමින් විනාශකාරි මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් නැවත ආරම්භ කරන බවට විවිධ අවස්ථාවලදී මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශකර තිබුණි.”

අගමැතිතුමා ඇතුළුව මෙම ඇමති වරුන් යහපාලනයේ නියෝජිත වරුන් බැවින් මෙවැනි ප‍්‍රකාශ යහපාලන ආණ්ඩු ක‍්‍රමයේ අචාර්ය ධර්ම ප‍්‍රතිඵත්තියට එකඟ දැයි තවදුරටත් යහපාලන රජයෙන් විමසා සිටින බව "ක‍්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය" නිවේදනයේ සඳහන් කරයි.

"මැතිවරණ කාලයෙදී යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කුමන පොරොන්දු දුන්නද, ඉදිරියේදී මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව යටතේ එම වටිනාකම් කිසිවක් කෙරෙහි මහජනතාවට බලාපොරොත්තු තැබිය නොහැකි බවයි. යහපාලනය විසින් ද රටේ ජනතාව පීඩාවට පත්කරන බවයි. මුලා කරන බවයි. මෙය "ක‍්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය" වන අපි හෙළා දකිමු.” යැයි සඳහන් කරන ක‍්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය, මෙම කොළඹ වරාය නගරය ඉදිකිරීම හේතුවෙන් මුහුද සහ රට ඇතුලත පරිසරයට ද මිනිස් ජීවිත වලටද විශාල හානියක් සිදුවන බවද, ධීවර ජනතාවගේ ජීවනෝපායන් ද, විශාල වශයෙන් අහෝසි වන බවද, වෙරළ ආසන්නව ජීවත්වන ජනතාවාගේ වාස භූමියට අනාරක්ෂිත තත්ත්වයක් උදාවන බවද සිය නිවේදනයේ සඳහන් කරයි.

එබැවින්, "ක‍්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය" කොළඹ පෝර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතියට ඔවුන්ගේ විරෝධය නැවත නැවතත් ප‍්‍රකාශ කරන බව පවසමින්  මෙම ව්‍යාපෘතියට එෙරෙහිව පෙළගැසෙන ලෙසට රටේ ජනතාවට ද ඇරයුම් කරයි.

 
- මෙලනි






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.