English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සිසුන්ට පහරදීම ගැන සොයන්න කමිටුවක්සිසුන්ට පහරදීම ගැන සොයන්න කමිටුවක්
(2015-11-06)

<< Go Back
Share |   


සිසුන්ට පහරදීම ගැන සොයන්න කමිටුවක් එච්.එන්.ඞී.ඊ ඩිප්ලෝමාධාරී සිසු සිසුවියන්ට පොලිස් විසින් එල්ල කරන ලද ප‍්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා තී‍්‍ර පුද්ගල කමිටුවක් පත් කිරීමට පොලිස් කොමිසම විසින් පියවර ගෙන ඇත. මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස බදුල්ලේ හිටපු දිසාපතිවරයෙකු වූ සී.වී.ගුණවර්ධන මහතා කටයුතු කරන අතර, සෙසු සමාජිකයින් ලෙස, ජාතික පොලිස් කොමිසමේ බස්නාහිර පලාත් අධ්‍යක්ෂ එම්.මොරගොල්ල මහතා, කොමිසමේ විමර්ශන නිලධාරී කේ.ජී චූලරත්න මහතා කටයුතු කරනු ඇත. මෙම කමිටුවට කාර්යයන් දෙකක් පැවරේ. පළමුවැන්න නම් මෙම සිද්ධියේ දී පොලිස් නිලධාරියෙකු විනය කඩ කර ඇත් ද යන්න, මෙම සිද්ධියට පාදක වූ කරුණු සොයා බලා ඉදිරියේදී මෙවැනි සිද්ධීන් වලක්වා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීමත් යන කාර්යයන් ය. මෙහිදී පළමුවැන්න සනාථ වුවහොත් ඔහුට එරෙහිව ආයතන සම්ප‍්‍රදාය යටතේ කටයුතු කිරීම සඳහා වූ මූලික වාර්තාවක් ලබාදීමත්, දෙවැන්නේ දී මෙවැනි සිද්ධීන් වලදී දුරදක්වා නුවණින් කටයුතු කළ යුතු ආකරයත්, සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් කි‍්‍රයාක්මක කර පොලිස් සේවය මහජන හිතකාමී සේවයක් ලෙස යළි ඉදිරියට ගෙන ඒම බව මේ පිළිබඳව මාධ්‍යයට ප‍්‍රකාශයක් කළ ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.