English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රවිරාජ්ගේ නඩුව ලඝු නොවන නඩුවක් - සිවිල් සමාජය අවදියෙන්
(2015-11-05)

<< Go Back
Share |   


රවිරාජ්ගේ නඩුව ලඝු නොවන නඩුවක් - සිවිල් සමාජය අවදියෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවිරාජ් මහතා සහ ඔහුගේ ආරක්ෂකයා 2006 වසරේ නොවැම්බර් 09 වෙනි දින සහ 10 වෙනි දින අතර කොළඹ, නාරාහේන්පිට මහා මාර්ගයේ දී ඝාතනය කිරීම සහ වෙනත් චෝදනා 03 ක් යටතේ විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත. මෙම නඩුව ලඝු නොවන නඩුවක් ලෙස විභාග වනු ඇත. විත්තිකරුවන් පැමිණිල්ල නොදත් අයෙකු සමග එක්ව රවිරාජ් මහතා සහ ඔහුගේ ආරක්ෂකයා වූ පොලිස් සැරයන් ලක්ෂමන් ලොකුවැල්ල(30636* යන අයගේ මරණ සිදුකිරීම සඳහා හෝ එකී වරද සිදුකිරීමට අනුබල දීමට එකග වීම, කුමන්ත‍්‍රණය කිරීම සහ මරණය සිදුකිරීම යන චෝදනා තුනක් යටතේ මෙලෙස නීතිපතිවරයා විසින් විත්තිකරුවන් හය දෙනෙකුට විරුද්ධව නඩුපවරා ඇත. විත්තිකරුවන් පිළිවෙළින් කොටහේනේ පදිංචි පල්ලසාමි සුරේෂ්, වැල්ලම්පිටියේ පදිංචි හෙට්ටිආරච්චිලාගේ ප‍්‍රසාද් චන්දන කුමාර නොහොත් ”සම්පත්”, මාවනැල්ලේ පදිංචි දැලිවලගෙදර ගාමිණී සෙනෙවිරත්න, රුවන්වැල්ලේ පදිංචි කම්කානම්ලාගේ ප‍්‍රදීප් චාමින්ද නොහොත් ”වජිර”,මඩකලපුවේ පදිංචිව සිටි ශිවකාන්ත් විවේවාකන්දන් නොහොත් ” චැරන් ” සහ දෙහිවල පදිංචි ෆෝබියන් රොයිස්ටන් ටුසේන් නැමැති අයයි. පසුගිය දින ( 03 * කොළඹ, අතිරේක මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය ඉදිරියේ මෙම සිද්ධිය යළි කැඳවූ අවස්ථාවේ මෙම කරුණු අනාවරණය විය. මෙහි පළමුුවැනි සහ පස්වෙනි විත්තිකරුවන් හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයන් වන අතර, දෙවැනි,තුන්වෙනි,සිවුවැනි විත්තිකරුයන් නාවික හමුදා සමාජිකයන් ය. හයවැනි විත්තිකරු රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරියෙකු ලෙස සඳහන් වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් මේ සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණ වල විනිසුරුවරිය ඉදිරියේ ප‍්‍රගතිය පැහැදිලි කළේය. ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසිය මගින් සිදු කරන ලද පරීක්ෂණවල ප‍්‍රතිඵල ද නීතිපතිවරයා විසින් එම වාර්තාවන් ද පරීක්ෂා කර, සැලකිල්ලට ගෙන, අදාල නොවන අනෙක් සැකකරුවන් මුදා හැරීමට කටයුතු යොදා තිබෙන බවත් පැහැදිලි කළේය. මේ ඝාතනය සම්බන්ධයෙන් ලඝු නොවන නඩුවක් වශයෙන් විභාග කිරීම සම්බන්ධයෙන් සිවිල් සමාජය තුළ කැළඹිල්ලක් ඇතිවී තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරි දිනවල නඩුව පැවැත්වෙන ස්වභාවය අනුව සිවිල් සමාජය යම් පියවරක් ගැනීමට ඉඩ තිබේ. රාජපක්ෂ රෙජීමයේ බිහිසුණු බව පිළිබඳව මහජන මතයක් ඇති කිරීමට මෙම සිදුවීම සිවිල් සමාජයට විශාල බලපෑමක් ඇති කළේය. එමෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ද විශාල ප‍්‍රසිද්ධියක් මෙම සිදුවීමට ඇති විය. එම නිසා මෙම සිදුවීම යහපාලන රජය විසින් ඉදිරියට ගෙන යනු ලබන ස්වභාවය යහපාලනය ගැන ද යම් අදහසක් ඇති කරනු ඇත.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.