English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ප‍්‍රගීත් සෙවීමට කොන්දේසි මත හමුදා සහය
(2015-11-02)

<< Go Back
Share |   


ප‍්‍රගීත් සෙවීමට කොන්දේසි මත හමුදා සහය ප‍්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය ගැන සෙවීමට තමන්ගේ සහය ලබා දෙන බව යුද හමුදාපතිවරයා සහ හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා නීතිපතිවරයා මගින් ඔක්තෝම්බර් මස 30 වන දින අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. අතුරුදහන් වූ ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා අධිකරණයට හමුවට කැඳවන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද හයාස්කෝපුස් පෙත්සමක් විභාගය කරන අවස්ථාවේදී හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේය. මෙම පෙත්සම අභියාචනාධිකරණ සභපති විනිසුරු විජිත මළල්ගොඩ, විනිසුරුඑච්.සී.ජේ මඩවල මහත්මියගේ ගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගවූයේ පසුගිය 30 වෙනි දිනයි. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතීඥ වසන්ත පෙරේරා මහතා මාධ්‍ය වේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් නඩු විභාගයන්ට සහය දැක්වීමට තම සේවාදායකයා කැමැත්තෙන් සිටින නමුත් පෙත්සමේ තිබෙන ඇතැම් ඉල්ලීම්වලට තම සේවා දායකයා විරුද්ධ බැවින් ඊට අදාල විරෝධතා ඉදිරිපත් කිරීමට රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන්ට විරෝධතාවයන්ට අවසර දුන් අතර, පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන දෙසැම්බර් 08 වෙනි දින හෝ ඊට පෙර ලිඛිතව අධිකරණය හමුවේ ගොනු කරන ලෙස නියෝග කළේය. එතෙක් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයේ සිදු කෙරෙන සාක්ෂි විභාගය තාවකාලිකව අවසන් කරන අත්හිටුවීමට ද අභියාචනාධිකරණ නියෝග කළේය.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.