හිටපු අග‍්‍රාණ්ඩුකාරවරයා වෙනස් කිරීමට හැකි වූවානම්, 19 ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කර ගැනීමට හැකි වූ වා නම්, ව්‍යවස්ථා කොමිෂන් සභාව පත් කරගැනීමට හැකි වූවා නම්, කොමිෂන් සභා පත් කර ගැනීමට හැකි වූවා නම්, පසුගිය රජයෙන් පත් කළ, නිරන්තරයෙන් විවේචනයට භාජනය වන නීතිපතිවරයා වෙනස් කිරීමට නොහැකි ද? ඒසේ නම් ඒ කෙසේද?, මේ සාකච්ඡුාව ඇති වූයේ ඔක්තෝම්බ්ර් 21 වෙනි දින පස්වරුවේ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේදී පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය. " />
English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නීතිපති වෙනස් කරන්න පුළුවන් ද ? මහජන පෙත්සම සහ ප‍්‍රවෘත්ති සාකච්ඡුාව 2015 ඔක්තෝම්බර් 21
(2015-10-22)

<< Go Back
Share |   


නීතිපති වෙනස් කරන්න පුළුවන් ද ?
මහජන පෙත්සම සහ ප‍්‍රවෘත්ති සාකච්ඡුාව
2015 ඔක්තෝම්බර් 21
 
හිටපු අග‍්‍රාණ්ඩුකාරවරයා වෙනස් කිරීමට හැකි වූවානම්, 19 ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කර ගැනීමට හැකි වූ වා නම්, ව්‍යවස්ථා කොමිෂන් සභාව පත් කරගැනීමට හැකි වූවා නම්, කොමිෂන් සභා පත් කර ගැනීමට හැකි වූවා නම්, පසුගිය රජයෙන් පත් කළ, නිරන්තරයෙන් විවේචනයට භාජනය වන නීතිපතිවරයා වෙනස් කිරීමට නොහැකි ද? ඒසේ නම් ඒ කෙසේද?, මේ සාකච්ඡුාව ඇති වූයේ ඔක්තෝම්බ්ර් 21 වෙනි දින පස්වරුවේ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේදී පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය.

නීතිපතිවරයා වෙනස් කිරීම අවශ්‍ය වුවත්, ඊටත් වඩා අවශ්‍ය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනස් කිරීමට යැයි ද අදහස් පළ විය. නීතිපතිවරයා පසුගිය කාලයේ සිදුකරන ලද්දේ විෂමාචාරයක් යැයි අර්ථකතනය කර, ඔප්පු කළ හැකි නම් ඔහු වෙනස් කළ හැකි බව නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පැවසීය. නීතිපතිවරයා ඇවන්ගාර්ඞ් නඩුව දිගටම ගෙන යාමට නොහැකි යැයි පවසීම, සිල් රෙදි නඩුවේ විත්තිකරුවන් රිමාන්ඞ් නොකිරීම සහ තවත් ඉතාමත් වැදගත් නඩු කිහිපයකම මෙම තත්ත්වය ඇති විය. නීතිපතිවරයා වෙනස් කරනවා හා සමානව හෝ ඊටත් වඩා අවශ්‍ය වන්නේ, නීතිපති දෙපාර්තමේන්තුව, දේශපාලනීකරණය නොවු, අපක්ෂපාතී හා කාර්්‍යක්ෂම ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම, බ`දවා ගැනීම් සිදු කිරීමට නිසි ප‍්‍රමිතියක් සැකසීම, නීතිඥවරුන් ඇතුලූ නිලධාරීන් ප‍්‍රමාණය වැඩි කිරීම, තාක්ෂණික ධාරිතාවයන්, හැකියාවන් සහ කුසලතාවයන් වර්ධනය කිරීම, ජනතාවට පහසුවෙන් ළ`ගා විය හැකි සහ පාරදෘශ්‍ය ආයතනයක් බවට පත් කිරීම, වගවීමේ කි‍්‍රයාවලියක් ස්ථාපිත කිරීම බව එහිදී ප‍්‍රකාශ විය.
මීට අමතරව නීතිඥ ලක්ෂන් ඩයස් මහතා විසින් නීතිපතිවරයාට විරුද්ධව 2014 මැයි මස බදුල්ල, කන්දකැටිය ප‍්‍රදේශයේ දී 17 හැවිරිදි සඳුන් මාලිංග නම් තරුණයෙකු බන්ධනාගාරගතව සිටිය දී පොලිස් පහරදීම නිසා මියගිය සිද්ධිය නිසා වසරක් ගතවීම වුවත් නිතිපතිවරයා විසින් අදාල පොලිස් නිලධාරීන්ට විරුද්ධව නඩු නොපැවරීම නිසා ඔහු විරුද්ධව රයිට් ටු ලයිෆ් සංවිධානය විසින් අභියාචනාධිකරණයේ දී රිට් මැන්ඩාමුස් පෙත්සම සම්බන්ධව ද කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන ලදි. මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස්, අධ්‍යාපන වෘත්තීය සමිති නියෝජනය කරමින් ජෝෂප් ස්ටාලින්, රයිට් ටු ලයිෆ් සංවිධානය නියෝජනය කරමින් සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා, විධායක ලේකම් පිලිප් දිසානායක යන අය සහභාගි විය.
ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට පෙර පස්වරු 3.00 සිට 5.00 දක්වා නිතිපති දෙපාර්තමේන්තුව නවීකරණයට අවශ්‍ය කරුණු වෙනුවෙන් ජනතා සහය ලබාගැනීමට මහජන පෙත්සමක් කොළඹ කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට දී මහජන පෙත්සමක් අත්සන් කිරීමක් ද සිදුවිය.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.