නඩු කටයුතු හිතා මතා ප‍්‍රමාද කරන්නේ නැහැ. නඩු පැවරීමට යෑමේදී ඇතැම් කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමට යාමේදී යම් යම් ප‍්‍රමාදයන් ඇති වෙනවා යයි නීතිපති යුවන්ජන් ජයතිලක මහතා අස්ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක ගලගම ශී‍්‍ර අත්ථද්ස්සී ස්මාමීන්ද්‍රියන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී පැහැදිලි කළේය." />
English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නඩුපැවරීම සඳහා ඇතැම් කරුණු සෙවීමට යෑමේදී ප‍්‍රමාදයක් සිදුවෙනවා - නීතිපති යුවන්ජන් ජයතිලක
(2015-10-15)

<< Go Back
Share |   


නඩුපැවරීම සඳහා ඇතැම් කරුණු සෙවීමට යෑමේදී ප‍්‍රමාදයක් සිදුවෙනවා - නීතිපති යුවන්ජන් ජයතිලක
නඩු කටයුතු හිතා මතා ප‍්‍රමාද කරන්නේ නැහැ. නඩු පැවරීමට යෑමේදී ඇතැම් කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමට යාමේදී යම් යම් ප‍්‍රමාදයන් ඇති වෙනවා යයි නීතිපති යුවන්ජන් ජයතිලක මහතා අස්ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක ගලගම ශී‍්‍ර අත්ථද්ස්සී ස්මාමීන්ද්‍රියන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී  පැහැදිලි කළේය.

නඩුවක් පැවරීමට යෑමේදී අවශ්‍ය වන තොරතුරු සෙවීමට යෑමේදී ඇතැම් විට ප‍්‍රමාදයන් ඇතිවෙනවා. සියලූ තොරතුරු සොයා බැලීම අවශ්‍ය වෙනවායිද නීතිපති යුවන්ජන් ජයතිලක මහතා පැවසීය.
මහානායක ස්වාමීන්ද්‍රියන් වහන්සේ බැහැදුටු අවස්ථාවට සහභාගි වුනු අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී ස්වාමිද්‍රියන් වහන්සේ අදහස් දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ප‍්‍රමාදයන් සිදුවීම නඩු කටයුතු ප‍්‍රමාදයට හේතුවක් වී තිබෙන බවට මහජන මතයක් පවතී යැයි කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා මෙම පැහැදිලි කිරීම සිදු කළේය.
නියෝජ්‍ය සොලිටර් ජෙනරල් සෝභිත රාජකරුණා මහතා ද මෙම අවස්ථාවට සහභාගි වෙමින් පවසා සිටියේ නඩු කටයුත්තක් ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් ඒ පිළිබඳ මනා අධ්‍යයනයක් කර ඊට අදාළ සියලූ තොරතුරු සොයා බලන බවයි.
එවැනි කි‍්‍රයාමාර්ගයක දී යම් යම් ප‍්‍රමාදයන් ඇතිවන නමුත් මහජනයා එම තත්ත්වයන් දැන නොසිටින බව ද රාජකරුණා මහතා කීවේය.
නඩුවක් ගොනු කිරීමට ප‍්‍රථමයෙන් පූර්ණ ලෙස කරුණු සොයා බැලීමට යෑමේදී ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කිරීමට පියවර ගත නොහැකි බව පෙනි යන බවද හෙතෙම පැවසීය.
ඇවන්ගාර්ඞ් සිද්ධියේදී නඩු පැවරීමක් සිදු නොවුනේද නඩු පැවරීමකට තරම් කරුණු ඉදිරිපත් නොවුණු බැවිනැයි ද හෙතෙම තවදුරටත් පැවසීය.
උපුටා ගැනීම - සිරිල් විමලසුරේන්ද්‍ර - දිවයින - 2015 ඔක්තෝම්බර් 14 වන බදාදා





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.