English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමස්ථ ලෝකයේම විශ්වාසය දිනාගෙන
(2015-09-29)

<< Go Back
Share |   


ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමස්ථ ලෝකයේම විශ්වාසය දිනාගෙන තිඛෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මුන් මහතා පවසයි.


ලෝකයේ රටවල් රැසක් අද ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් අත හිත ලබාදීමට ඉදිරිපත්වී ඇති බවද බැන් කී මුන් මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීමට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග ඊයේ (26) පස්වරුවේ නිවයෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ පැවති විශේෂ හමුවකට එක්වෙමින් බැන් කී මුන් මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙවර එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයේ තේමාවක් වන තිරසාර සංවර්ධනය පිළිබද අද සමස්ථ ලෝකයම බලාපොරොත්තු තබා ඇති බව මෙහිදී පැවසු මහලේකම්වරයා එමගින් එක්සත් ජාතින්ගේ සංවිධානය අරමුණු 17 ක් මුදුන් පමුණුවා ගැනීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාව තුළ එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහයවන ලෙසත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණය මෙන්ම මහමැතිවරණය සාමකාමී, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීමට කැපවීම පිළිබදවද බැන් කී මුන් මහතා මෙහිදි ජනාධිපතිතුමා වෙත සිය ප්‍රශංසාව පළ කළේය.

එම මැතිවරණ සාර්ථක කර ගැනීම සදහා එක්සත් ජාතින්ගේ සංවිධානය ලබාදුන් සහය පිළිබදව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත තම ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංහිඳීයා වැඩපිළිවෙළ පිළිබදව සිය ප්‍රශංසාව පළ කළ බැන් කී මුන් මහතා විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් තුළින් එය තවදුරටත් සාර්ථක කර ගත හැකි බවත් ඊට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ සම්මුතිවලට ගරු කරන රජයක් ලෙස ඉදිරියටත් එක්සත් ජාතින්ගේ සංවිධානය සමග විශ්වාසයෙන් කටයුතු කරන බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා කොමිෂන් සභා පිහිටුවමින් සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් රජය අපේක්ෂා කරන්නේ ශී්‍ර ලංකාව තුළ ඉතා යහපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම බවද පැවසීය.

ජිනීවා යෝජනා පිළිබද සුදුසු පරිදි ක්‍රියාකරන බවත්, රජය සෑම විටම සංහිදියා වැඩපිළිවළ වෙනුවෙන් කැපවී සිටින බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.