English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සේයා නිසා මූලික අයිතින් උල්ලංඝණය වූ පියා සහ පාසල් ශිෂ්‍යයා නඩු මගට ! නීතීඥ තුෂාර දස්කොන් මහතාගෙන් ඉල්ලීමක්
(2015-09-25)

<< Go Back
Share |   


සේයා නිසා මූලික අයිතින් උල්ලංඝණය වූ පියා සහ පාසල් ශිෂ්‍යයා නඩු මගට !

නීතීඥ තුෂාර දස්කොන්  මහතාගෙන් ඉල්ලීමක්

 

පසුගිය දිනෙක කොටදෙනියාව ප්‍රදේශයේදී දී ඝාතනයට ලක්වූ සේයා දැරියගේ මරණය සම්බන්ධයෙන් මුලින්ම සැකයට භාජනය කරනු ලැබුවේ ඇගේ පියා සහ සීයාවය. ලංකාවේ ජඩ මාධ්‍ය විසින් මේ තත්ත්වය උලුප්පා දක්වනු ලැබූ අතර ඇතැම් කාලකන්නින් විසින් මියගිය දැරිය අන්තර්ජාලය තුළ යළි යලිත් දූෂණයට ලක් කලහ.

මියගිය දැරියගේ මව පවසා සිටියේ තමන්ගේ දරුවාගේ මරණයට අවසන් පස් පිඬවත් දාන්නට අවස්ථාවක් ලබා නොදෙන්නට තරම් සමාජය අකාරුණික වූ බවය. පව් කාරයාට ගල් ගසන්නට මග බලා සිටින පව්කාරයන් ඇසට ඇසක් දතට දතක් ඉල්ලා සිටින්නේ තමන් තුළ වන ගෝත්‍රික චින්තනය නිසයි.

ශිෂ්ඨත්වය ගැන මූලික අදහසක් වත් නැති කාලකන්නි සමාජයක සේයාගේ පියාට සහ පාසල් ශිෂ්‍යාට යුක්තිය සාධාරණය ඉටු කරන්නට අපි පෙළ ගැසෙමු.
අවිධිමත් ආකාරයෙන් අපරාධ පරීක්ෂණ සිදුකොට අහිංසකයන් දෙදෙනෙකු සමාජය ඉදිරියේ අවමානයට පාත්‍ර කිරීමෙන් සිදු කළ මූලික අයිතිවාසිකම් උල්ංඝණය කිරීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා යුක්තිය සාධාරණය ඉෂ්ඨ කර දෙන්න කැමති අය අප සමග එක්වන්න.

මූලික අයිතිවාසිකම් නඩුව පවරා පවත්වාගෙන යාමේ සහ ඊට උපකාර කළ හැකි සියළු අය අප සමග එක්වන්න.
පව්කාරයන් පමණක් අප සමග එකතු වන්න. සුචරිතවාදී එල්ලුම් ගසම ඉල්ලා සිටින ගෝත්‍රිකයන් වෙනුවට ශිෂ්ඨ සමාජයක් ගොඩ නගමු. මිනිස් අයිතිවාසිකම් සුරකිමු !

Go Rights සාමූහිකය සමග එක්වන්න

 

නීතීඥ තුෂාර එන්. දස්කොන් – 0767 19 79 15
නීතීඥ සේනක පෙරේරා        – 077 2817164 
සුදේශ් නන්දිමාල් සිල්වා      – 071 42 53 518

(තුෂාර එන්. දස්කොන් මහතාගේ මුහුනු පොතින් උපුටා පල කරන ලදී)

නීතීඥ තුෂාර දස්කොන්  මහතාගෙන් ඉල්ලීමක්

 







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.