English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මහජන විනිශ්චය සභාව අනාගත නීතිපතිගේ භූමිකාව 2015 සැප්තැම්බර් 29 වෙනි දින පස්වරු 3.00 සිට මහවැලි කේන්ද්‍රයේදී
(2015-09-24)

<< Go Back
Share |   


මහජන විනිශ්චය සභාව
අනාගත නීතිපතිගේ භූමිකාව
2015 සැප්තැම්බර් 29 වෙනි දින පස්වරු 3.00 සිට මහවැලි කේන්ද්‍රයේදී


පසුගිය සතියේ දී නීතිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයක් කෙරෙහි නීති ක්ෂේත‍්‍රයට සම්බන්ධ පිරිස්වල මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ද අවධානය යොමු විය. පසුගිය මැතිවරණ සමයේ දී මෙන්ම තවමත් මහත් ආන්දෝලනයකට ලක්වූ ‘ඇවන්ගාර්ඞ්’ සිද්ධිය සහ හිටපු එල්ටීටීඊ නායකයෙකු වන කුමාරන් පද්මනාදන් නොහොත් කේපී සම්බන්ධ අධිකරණ කටයුතු පිළිබඳව නීතිපතිවරයා විසින් ප‍්‍රකාශයක් නිකුත්කර තිබුණි. ‘ඇවන්ඞ්ගාර්ඞ්’ සිද්ධිය පිළිබඳව අධිකරණ කටයුතු ඉදිරියට පවත්වාගෙන නොයන අතර කේපී ත‍්‍රස්තවාදී කි‍්‍රයාවල නිරතවූ බවට දැනට සාක්ෂි ඉදිරිපත්වී නැති බවද නීතිපතිවරයාගේ ප‍්‍රකාශයේ ඇතුලත්වී තිබිණි. මීට අමතරව නඩු ප‍්‍රමාදවීම්, කල්දැමීම්, අකාර්යක්ෂමතායවය ගැන ද නීතිපති දෙපාර්තමේන්තුවට විවිධ චෝදනා එල්ල වෙමින් පවති.
මේ සම්බන්ධයෙන් ලැබී ඇති චෝදනා සැලකිල්ලට ගනිමින් අනාගතයේ බිහිවන නීතිපති දෙපාර්තමේන්තුව විසින් කි‍්‍රයාකළ යුතු ආකාරය ගැන සිදු කෙරෙන මහජන විනිශ්චය සභාව අනාගත නීතිපතිගේ භූමිකාව 2015 සැප්තැම්බර් 29 වෙනි දින පස්වරු 3.00 සිට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.

මෙහිදී මහජන පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන්නේ වෘත්ති සමිති නායකයින් වන සමන් රත්නපි‍්‍රය සහ ජෝෂප් ස්ටාලින් විසිනි. මහජන විනිශ්චය සභාව නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් සභාපතිත්වය දරණ මෙහි අනෙක් කොටස්වරුවන් වන්නේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම, නීතිඥ උපේන්ද්‍රා ගුණසේකර සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක යි.

විශේෂ ප‍්‍රකාශන නිකුත් කිරීම නීතිපති දෙපාර්තමේන්තුව ද, මානව හිමිකම් කොමිෂන් සභාව ද , නීතිඥ සංගමයේ නීතිඥ සාලිය පීරිස් මහතා ද, රජයේ නියෝජිතයෙක් ලෙස අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා විසින් ද සිදු කරනු ඇත.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.