English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මංගල ජිනීවා යයි.
(2015-09-12)

<< Go Back
Share |   


මංගල ජිනීවා යයි.
විදේශ ඇමති මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ රැුස්වීමට සහභාගි වීම සඳහා සැප්තැම්බර් 11 වෙනි දින රාති‍්‍රයේ දී පිටත්ව ගියේය. මානව හිමිකම් කොමිසමේ රැුස්වීම 14 වෙනි දා අමතන ඒ මහතා නැවතත් 16 වෙනි බදාදා ලංකාවට පැමිණීමට නියමිතය.
ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සලයේදී ඉදිරිපත් වීමට නියමිත යෝජනාවේදී දේශීය යාන්ත‍්‍රණයක් සඳහා රජය විසින් ගෙන යන යෝජනාව නිසාත්, නව රජයක් පත්ව යම් ප‍්‍රතිසංස්කරණ රජය තුළ සිදු කරන නිසාත්, බොහෝ රටවල් ශී‍්‍ර ලංකාවට වාසි සහගත ලෙස කි‍්‍රයා කිරීමට ඉඩ ඇත. ඇමෙරිකාව ප‍්‍රකාශ කර ඇත්තේ නව රජයට අවස්ථාවක් ලබා දෙන බවයි.

මේ වන විට ශී‍්‍ර ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් වාර්තාව ශ‍්‍රී ලංකාවට ලැබී ඇති අතර, එය ලබන සඳුදා 14 වෙනි දිනින් පසුව ප‍්‍රකාශයට පත් වනු ඇත.
ශ‍්‍රී ලංකාවේ පැවැති අවසන් යුද සමයේ සිදුවූ සිදුවීම් පිළිබඳව පීඩාවට පත් දෙමළ ජනතාව මෙම වාර්තාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත අතර, පසුගිය රජය මෙම අවස්ථාව භාවිතා කරමින් ජනතාවගේ අනුකම්පාවත්, ජාතිවාදයත් ඇවිස්සීමට උත්සාහ කළේය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.