English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ප‍්‍රතිසංස්කරණ රැුස්වීම - මන්නාරම 2015 සැප්තැම්බර් 08 වෙනි දින
(2015-09-09)

<< Go Back
Share |   


ප‍්‍රතිසංස්කරණ රැුස්වීම - මන්නාරම
2015 සැප්තැම්බර් 08 වෙනි දින 

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය, ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සහයෝගය ද ඇතිව සංවිධානය කරන ලද ප‍්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2015 සැප්තැම්බර් මස 08 වෙනි දින මන්නාරම, ඥානෝදයම් හී දී පැවැත්විනි. මෙම වැඩසටහන සඳහා 55 - 60 අතර සංඛ්‍යාවක් පැමිණ සිටියහ.
වැඩසටහන මෙහෙයවීම විනෝත් ඇන්තනී විසින් සිදුකරන ලදි. මූලික හැඳින්වීමෙන් අනතුරුව ලංකාවේ පවතින දේශපාලන තත්ත්වයන් රයිට් ටු ලයිෆ් මානව මිහිකම් සංවිධානය විසින් සිදු කරන ලද කාර්යයන් පැහැදිලි කරන කෙටි දෙසුමක්, රයිට් ටු ලයිෆ් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක මහතා විසින් සිදු කරන ලදි. එහිදී දකුණේ සිවිල් කි‍්‍රයාකාරීන්ගේ කි‍්‍රයාකාරිත්වය පැහැදිලි කරන ලදි.

ඉන් අනතුරුව පවත්වන ලද්දේ ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සභාපති හර්මන් කුමාර විසින් වීදියේ විරෝධය ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද සිවිල් සමාජ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ යෝජනාවලිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරන ලදි.
අනතුරුව එන්. මවුලානා මහතා විසින් වීදියේ විරෝධය ව්‍යාපාරය විසින් පසුගිය කාලය පුරා සිදුකරන ලද වීදි කි‍්‍රයාකාරිත්වයන් පැහැදිලි කරන ලදි. ඒ අතරේම ඔහු මන්නාරම ජනතාවටත් ඒ හා ඉදිරියේ දී අත්වැල් බැඳගන්නා ලෙස ආරාධනය කළේය.
 








Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.