English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ලංකාවේ දුම්රිය මාර්ග සිතියමේ සංධිස්ථානයට කළු විරෝධය පැමිණේ.
(2015-08-27)

<< Go Back
Share |   


ලංකාවේ දුම්රිය මාර්ග සිතියමේ සංධිස්ථානයට කළු විරෝධය පැමිණේ. 2015 අගෝස්තු 05 වෙනි දින

ලංකාවේ දුම්රිය ගමනාගමනය ගැන සාකච්ඡුා කරන අවස්ථාවන් හී දී නිතර සිහිගැන්වෙන මහව නගරයට කළු විරෝධය ළගා වූයේ වාරියොළ වැඩසටහන අවසන් කර මධ්‍යහනයේ හිරු උදාවෙමින් තිබිය දීය. එහෙත් වෙහෙස නොබලා දහදිය වගුරුවමින් පිරිස පාරවල් දිගේ ගමන් කරමින් අවට සිටි ජනතාව පති‍්‍රකා බෙදමින් දැනුවත් කළහ. පසුව අපි මහව නගරයේ ප‍්‍රධාන මාර්ගයට අසල, ව්‍යාපාරික ස්ථානයක් අසල සංස්කෘතික වැඩසටහන පැවැත්වීමු.
ඊට ජයතිලක බණ්ඩාරයන්ගේ ගීත සහ බි‍්‍රටෝ ප‍්‍රනාන්දු දේශනයක් ඇතුළත් විය. ඒ වන විටත් පොලිස් ස්ථානය දන්වා අප පැමිණි නමුත් බොදු බල පෙරමුණෙන් ඡුන්ද පිඩුසිඟා වඩින, සිවුරු දවටාගත් පුද්ගලයෙක් අපහට විරෝධය දක්වන ලදි. එමෙන්ම අප දිවා ආහාරය ලබාගත් ස්ථානය අවටද ඔවුන් සැරි සැරූවේය. ජනතාව අපහට අප‍්‍රසාදය පළ කරන ලද අවස්ථා බෙහෙවින් අවම වූ අතර, මේ අවස්ථාවේදී පොලිසියට අපට සහය ලබා දුන්නේය.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.