English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මහා මැතිවරණය වෙනුවෙන් කළු විරෝධය දිගටම
(2015-08-08)

<< Go Back
Share |   


මහා මැතිවරණය වෙනුවෙන් කළු විරෝධය දිගටම
මහා මැතිවරණය වෙනුවෙන් වීදියේ විරෝධය දිස්ති‍්‍රක කිහිපයකම තමන්ගේ පති‍්‍රකා බෙදීම්,ජනතාව දැනුවත් කිරීම් සිදුකරමින් සිටියි. බණ්ඩාරවෙළ, බදුල්ල, බුත්තල වැඩසටහන් වලින් පසුව පසුගිය දිනවල දී ගාල්ල, මාතර ප‍්‍රදේශයේ ස්ථානය කිහිපයක දී පවත්වන ලදි.
අගෝස්තු මස මුලදී 05,06 යන දිනවලදී වාරියපොළ,පොල්පිතිගම,මහව,නිකවැරටිය,පොල්ගහවෙල,පොතුහැර වැනි ප‍්‍රදේශ වලත්, 07වෙනි දින වෙන්නප්පුව,හලාවත,මාරවිල යන ප‍්‍රදේශවලත් පවත්වන ලදි. මේ සියලූම අවස්ථාවන් හීදී පොලිසිය සිය රජකාරී ඉතාමත් නිදහසේ සිදු කරන බව අපට පැහැදිලි වූයේ සෑම අවස්ථාවකම අපව ප‍්‍රශ්න කිරීම නිසත්, පසුව අපගේ දැනුවත් කිරීමේ කාර්යයන් දැන නිදහසේ එය සිදුකිරීමට ඉඩ ලබාදුන් නිසාත්ය. එමෙන්ම අප ගිය බොහෝ ප‍්‍රදේශවල මැතිවරණය සාමකාමී ස්වරූපයක්ද, ජනතාවට බාධාවක් නොවන අයුරින් සිදු කිරීමට අවශ්‍ය පියවරයන් ඔවුන් විසින් ගෙන තිබිනි.
අපගේ දැනුවත් කිරීම්වලදී අපට පෙනුනේ ජනතාව තමන්ගේ මතය නිදහස්ව ප‍්‍රකාශ කරන බවයි. වෙනදා මෙන්ම නොව, අතට ගෙන බිම දැමූ පති‍්‍රකා අවම සේම, අපට එරෙහිව විරෝධතාවයන් දැක්වීම් ද අවම විය. ජනතාව එම පති‍්‍රකා කියවනු, තමන්ගේ තමන් මල්ලේ, දමාගනු අපට දැක ගත හැකි විය. සමහරුන් අප හා සංවාදයන්ට මෙන්ම සහය දැක්වීමට ද ඉදිරිපත් විය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.