English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රථය හමුදාවට අයත්. අංක තහඩුව වැරදි අංකයක් භාවිතා කර තිබෙනවා. ඒ ගැන හමුදාවත් පරීක්ෂණ කරනවා. - හමුදා ප‍්‍රකාශක
(2015-07-23)

<< Go Back
Share |   


රථය හමුදාවට අයත්. අංක තහඩුව වැරදි අංකයක් භාවිතා කර තිබෙනවා. ඒ ගැන හමුදාවත් පරීක්ෂණ කරනවා. - හමුදා ප‍්‍රකාශක
අද දින පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන කරුණු ඇතුළත් ප‍්‍රකාශයක් කලා. මෙම සෙබළුන් මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කරන ලද ආරක්ෂකයින් ය. මෙම වෑන් රථය මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතා වසර ගණනාවක් තිස්සේ භාවිතා කරන ලද එකකි. සාමාන්‍යයෙන් හමුදාවේ වාහන අංක යු.හ. 59466 යටතේ මෙම රථය ධාවනය වී තිබෙනවා. ගිනි අවිය ඔහු වසර 15 ක් පමණ තිස්සේ භාවිතා කරනු ලබනවා. යුද හමුදාව විසින් මේ සම්බන්ධයෙන් අදියර 4 ක් යටතේ පරීක්ෂණ පවත්වනු ලබනවා. මේ සම්බන්ධයෙන් යම් කිසි ප‍්‍රබල සිදුවීමක් වාර්තා වුවහොත් එහි දී යුද අධිකරණයක් මගින් අවසන් නිගමනයකට එළඹෙනවා. ඒ හැරෙන්න මෙම සිදුවීමට දේශපාලන කටයුතුවලට සම්බන්ධ කිරීමේ කිසිඳු සත්‍යතාවයක් නැති බවත්, ඉදිරියේ දී සියලූම කරුණු මාධ්‍යයට ලබා දෙන බවත් ඔහු පැවසුවා.

අග‍්‍රාමාතා්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කරමින් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය රජය කාලයේ යුද හමුදාවට පවරාගත්, අනුයුක්ත කරගත්, කුලී පදනමට ගත් සුදු වෑන් ඇතුළු අනෙකුත් වාහන ගැන සම්පූර්ණ රහස්‍ය වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස හමුදාපතිවරයාට නියෝග කළේය. මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතා පසුගිය කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව කි‍්‍රයා කළේය. වත්මන් ජනාධිපතිතුමා පැමිණි පසු එම ඒකකය විසුරුවා හැරියේය. හිටපු ආරක්ෂක ලේකම්වරයා ගේ සමයේ දී උපක‍්‍රමයක් ලෙස ලියාපදිංචි නොකළ සුදුවෑන් ඇතුළු සැහැල්ලූ වාහන ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ට ලබා දී තිබුනු බවත් වාර්තා වේ.






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.