English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජනාධිපතිවරණය – 2015 ඡන්දය ප්‍රකාශකිරීමේ පිළිවෙල
(2015-01-06)

<< Go Back
Share |   



1. 2015 ජනවාරි 08 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් තිදෙනකුට වැඩි සංඛ්‍යාවක් තරග කරනු ලබන බැවින්, එක් අපේක්ෂකයකුට ඡන්දය හෙවත් පළමුවන මනාපයත්, වෙනත් අපේක්ෂකයන් දෙදෙනකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපයත් ඡන්ද පත‍්‍රිකාවක සලකුණු කිරීමට හැකියාව තිබෙන අතර අවශ්‍ය නම් ඡන්දය පමණක් ලකුණු කිරීමටද හැකියාව තිබේ.

2. ඡන්ද පත‍්‍රිකාවක, ඡන්දදායකයකු විසින් සිය දෙවැනි හෝ තුන්වැනි මනාපය සලකුණු කර නොමැති වුවද, එහි නිසියාකාරව එක් අපේක්ෂකයකු වෙනුවෙන් සලකුණු කරන ලද ඡන්දයක් වේ නම් එය වලංගු ඡන්දයක් ලෙස පිළිගැනේ.

3. තරග කරන අපේක්ෂකයකුට ඡන්දයදීමේදී, ඡන්දදායකයකුට තමා කැමති අනුපිළිවෙළින් අපේක්ෂකයන් තිදෙනකුට 1, 2, 3 සලකුණු කිරීමෙන් පිළිවෙළින් ඡන්දය හා මනාප ලබාදිය හැකිය. එසේ කිරීමේදී ඒ ඒ අපේක්ෂකයාගේ නමට හා ඡන්ද ලකුණට දකුණෙන් වූ හිස් කොටුවේ 1, 2, 3 අංක පහත පරිදි සලකුණු කළ හැකිය.

3.1 ‘1’ ඉලක්කම සලකුණු කිරීමෙන් අපේක්ෂකයකුට තම ඡන්දය හෙවත් පළමුවන මනාපය දිය හැකිය.

3.2 ‘2’ ඉලක්කම සලකුණු කිරීමෙන් අපේක්ෂකයකුට තම දෙවන මනාපය දිය හැකිය.

3.3 ‘3’ ඉලක්කම සලකුණු කිරීමෙන් අපේක්ෂකයකුට තම තුන්වන මනාපය දිය හැකිය.

4. යම්කිසි ඡන්දදායකයකු, එක් අපේක්ෂකයකුට පමණක් ස්වකීය ඡන්දය දීමට බලාපොරොත්තුවන්නේ නම්, මනාප සලකුණු කිරීමකින් තොරව ඡන්දය පමණක් දිය හැකිය. ඒ සඳහා තමා කැමති අපේක්ෂකයාගේ නම හා ඡන්ද ලකුණට දකුණෙන් වූ හිස් කොටුවේ අංක ‘1’ හෝ .’X සලකුණ යෙදීම යෙහෙකි.

5. යම් ඡන්ද පත‍්‍රිකාවක,

5.1 කිසිම අපේක්ෂකයකුට ඡන්දය සලකුණු කර නොමැති නම් හෝ

5.2 එක් අපේක්ෂකයකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති හෝ

5.3 එක් අපේක්ෂකයකුට ‘1’ හා තවත් එක් අපේක්ෂකයකුට .’X සලකුණු කර ඇත්නම් හෝ

5.4 ඡන්දය හෙවත් පළමුවන මනාපය, දෙවැනි මනාපය හා තුන්වැනි මනාපයට ඇතුළත් සංකලනයට වඩා වැඩියෙන් මනාප සලකුණු කර ඇති විටෙක හෝ

5.5 දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇත්නම් හෝ

5.6 ඡන්දදායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක් ලියා ඇත්නම් හෝ ඇඳ ඇත්නම් හෝ

5.7 ඡන්දය සලකුණු කර ඇත්තේ කුමන අපේක්ෂකයකුටදැ’යි යන්න අවිනිශ්චිත නම් හෝ

එවැනි ඡන්ද පත‍්‍රිකා අවලංගු වන අතර, එවැනි ඡන්ද පත‍්‍රිකා ගණන් කිරීමේදී ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.

මහින්ද දේශප‍්‍රිය
මැතිවරණ කොමසාරිස්

මැතිවරණ මහ ලේකම් කාර්යාලය,
සරණ මාවත,
රාජගිරිය.
2015.01.02


-MMP






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.