English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
"බලහත්කාරය රජකරවමින්" වලියකට පාරම්බෑ ජනවාරි 05 වෙනිදා සවස ....
(2015-01-05)

<< Go Back
Share |   



අද (ජනවාරි 05) පස්වරුවෙි කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පවත්වන්නට සැළසුම්කර තිබු "වියරුවට එරෙහිව ජීවිතය වෙනුවෙන්" වීදියේ විරෝධය සමාප්ති වැඩසටහන සැළසුම්කර තිබූ ආකාරයට ඉදිරිපත් කරන්නට නොහැකි වු බව විදියේ විරෝධයේ සංවිධායක මණ්ඩලය ප‍්‍රකාශ කළේය. ඊට බලපෑ එකම හේතුව වුයේ ත‍්‍රීවිලර් රථවලට නෑකම් කියන රාජපක්‍ෂ ආණ්ඩුවේ ආධාරකරුවකු වන මහින්ද කහඳගමගේ සහ ඔහුගේ, මහින්ද රාජපක්‍ෂ මුහුණු සහිත ටී ෂර්ට්ස් ඇඳගත් පිරිස අයහපත් බලපෑමක් එල්ල කිරීමට හැකි ආකාරයෙන් හැසිරෙමින් "වීදියේ විරෝධය" ඉදිරිපත්කරන්නට යොදාගෙන සිටි දුම්රියපොල ඉදිරිපිට පදිකය මුළුමනින්ම භාවිතා කළ නිසා බව විදීයේ විරෝධයේ සංවිධායක මණ්ඩලය ප‍්‍රකාශ කළේය.




ආරවුලක් ගොඩනඟාගන්නට අරඅදිමින් කහඳගමගේ ඇතුළුපිරිස විදීයේ විරෝධය කණ්ඩායම සමඟ මිශ‍්‍ර වෙමින් එකට සිටගනිමින් ඔවුන්ගේ පති‍්‍රකාද බෙදාහරින්නට විය.

"දෙන්නම අපේ තමා ....දෙන්නම අපේ තමා  ඕයි..!" , "ඒ කෙළිකොහොද මහින්ද මහත්තයත් එක්ක..." (කොයි මහින්ද දැයි සැකයකි ?) , "ඔවුන්ව ගහලා පන්නන්  ඕනේ ඔතනිනුත්..." මේවා මාගේ කණවැකුණු මහින්ද පිළේ වදන් කිහිපයක. එමෙන්ම ඡායාරූප  ගැනීමෙදි රවා බැලීම් කිහිපයක්ද විය.
 
සටහන සහ ඡායාරූප  මෙලනි මානෙල් පෙරේරා






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.