English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වීදියේ විරෝධය හෙට කොළඹ දී
(2015-01-01)

<< Go Back
Share |   


සිවිල් සංවිධාන සාමුහිකය විසින් ඉදිරිපත්කරන "වියරුවට එරෙහිව - ජීවිතය වෙනුවෙන්"- "වීදියේ විරෝධය" හෙට, ජනවාරි 02 වෙනිදා, කොළඹදී පවත්වන්නට කටයුතු සංවිධානයකර ඇතැයි වීදියේ විරෝධයේ සංවිධායක මණ්ඩලය පවසයි.

ස්ථාන දෙකකදී විරෝධතා දෙකක් දියත්කරන්නට සැළසුම්කර ඇති අතර ඉන් පළමුවැන්න හෙට පෙරවරු 10 යට මාලිගාවත්ත ජුම්මා මජිඞ් පාර අසළින් ද, දෙවන වැඩසටහන පස්වරු 03 ට දෙමටගොඩ සහස්ශ‍්‍රපුර නිවාස සංකීර්ණය අසළින් ද ආරම්භකරනු ලබන බව සංවිධායකයෝ ප‍්‍රකාශ කරති.

මේ වනවිට වීදියේ විරෝධය විසින් කොළඹ අනුරාධපුරය කුරුණෑගල ගාල්ල මාතර යන දිස්ත‍්‍රික්කවල ප‍්‍රදේශ ගණනාවකදි වියරුවට එරෙහි-ජීවිතය වෙනුවෙන් සිය දැනුවත් කිරීම් සිදුකර ඇති බවත් ඉන් ප‍්‍රදේශ දෙකකදි විරෝධය කණ්ඩායමට පාලක පොදු පෙරමුණේ ප‍්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවු බව ද සංවිධායකයෝ පිළිකුලින් යුතුව සඳහන් කරති.

ජනවාරි 03 වෙනිදා වීදියේ විරෝධය විසින් හලාවත සහ මීගමුව ජනතාව දැනුවත් කරන්නට සැළසුම්කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කරයි.

-MMP






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.