English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජුනි මාසේ 5000 බොරුවක්ද?
(2020-05-22)

<< Go Back
Share |   


කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රුපියල් 5000 ක දීමනාවක් ලබා දිමට රජය තීරණය කලේ අප්‍රෙල් මාසයේදිය. කොවිඩ් 19 නිසා මෙරට හුදකලා කෙරුණු අතර ඉන් බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග අහිමි වී ගියහ. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය විසින් අප්‍රෙල් මාසයේදි සියලුම දෙනාට රුපියල් 5000 දීමනාවක් ලබා දුන්හ.

මේ අතර මෙම දීමනාව මෙම මාසයටද ලබා දෙන බව පහුගිය දිනෙක රජය ප්‍රකාශ කරන ලදි. ඒ අනුව දැනටමත් වැඩිහිටි දීමනා, සමෘද්ධි දීමනා ආදි වශයෙන් මෙම 5000 දීමනාව ලබා දෙමින් පවතියි.

මෙම ප්‍රකාශයෙන් වැඩි දවසක් යාමට පෙර ජනාධිපතිවරයා නැවත වරක් ප්‍රකාශ කර තිබුණේ ජුනි මාසයට අදාලවද මෙම රුපියල් 5000 දීමනාව ගෙවිමට කටයුතු කරන බවය. මෙයින් රටේ ජනතාව තුල වත්මන් ආණ්ඩුව පිලිබඳ දැඩි උනන්දුවක්, අවධානයක් යොමු වුයේ, ගෝඨාභය මහත්තයා අපිට මෙහෙම හරි කරනවා. යු.ඇන්.පී ය තිබුණා නම් මෙලහටත් මැරිලා යැයිද පවසමිනි.

මේ අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (20) දින ප්‍රකාශ කර සිටියේ මැතිවරණ කොමිසමේ සභාපති ලබන මාසයට රුපියල් 5000 ලබා දීමට විරුද්ධ බවත්, එය දේශපාලන ක්‍රියාවක් ලෙස ඔහු සලකන බවය. ඒ නිසා වගකීම් සහිත ආණ්ඩුවක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඇහුම්කන් දෙමින් ලබන මාසයට අදාල රුපියල් 5000 දීමනාව ලබා දිය නොහැකි බවය.

ඔහුගේ මෙම ප්‍රකාශය හාස්‍යයට කරුණකි. රාජපක්ෂවරු තමන්ට දෙයක් කිරිමට අවශ්‍ය නම් එය හොඳින් හෝ නරකින් කර ගන්නා බව මුලු රටම දන්නා දෙයකි. එවන් පසුබිමක් තුල මොවුන් මෙලෙස මැතිවරණ කොමිසමට ඇත්තටම ඇහුම්කන් දුන්නාද යන්න සැක සහිතය.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක 5000 ලබා දෙන්න එපා යැයි කියා නැති බවය. කියා ඇත්තේ එය දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු ප්‍රවර්ධනය නොවන ආකාරයෙන් සිදු කළ යුතුය යන්න බව ඔහු කියයි.

එසේ නම් මෙම රුපියල් 5000 ලබා දීමට අකමැති වන්නේ කවුද යන්න ගැටලුවකි. නැතහොත් ජුනි මාසයට මෙම මුදල ලබා දෙනවා යැයි මුලින් පැවසුයේ බොරුවටද යන්න සැක සංකා මතු වේ. ඒ ඡන්ද අල්ලසක් ලෙසින් විය හැකිය. නැතිනම් ගෝඨාභය කියන දේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉටු කිරිමට අකමැත්තකින් පසු වෙනවා විය හැකිය.

කෙසේ නමුදු අවසානයේ තට්ටු වුයේ රටේ ජනතාවගේ දුප්පත් පොකැට්ටුවටය.

-ශානිකා-   







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.