English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
“අද බන්ධනාගාර වධකාගාර බවට පත් වෙලා” - සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කියයි.
(2020-05-21)

<< Go Back
Share |   


මහර බන්ධනාගාරයේ පහුගිය දිනෙක පැන යාමට ගොස් ඇද වැටී මිය ගියා යැයි කියු  රැඳවියා මිය ගොස් ඇත්තේ පහර දීමකින් බව බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකිමේ සංවිධානයේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා කියයි.

මහර බන්ධනාගාරය තුල රැඳවියන් පිරිසක් පැන යාමට තැත් කළ අවස්ථාවේ මෙම පහර දීම සිදු කර ඇතැයිද ඔහු කියයි.

නමුත් මෙම සිද්ධිය මාධ්‍ය මඟින් විකාශය කරනු ලැබුවේ මොවුන් බෙඩ් ෂිට් ආධාරයෙන් තාප්පය දිගේ පැන යාමට උත්සහ කළ අවස්ථාවේ බිම ඇද වැටී මිය ගිය බවටත් මෙහි සත්‍ය සිද්ධිය කිසිවෙකු හෙළිදරව් කළේ නැති බවද ඔහු කියා සිටියි.

මෙම සිද්ධිය සිදු වුයේ කෙසේද යන්න තොරතුරු ලැබෙමින් පවතින බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යන බවද ඔහු සඳහන් කරයි.

අද ලංකාවේ බන්ධනාගාර වධකාගාර බවට පත් වී ඇති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ සිදු වු ඝාතන, කොළඹ බන්ධනාගාරයේ සිදු වු ඝාතන ඊට නිදසුන් බවය.

එමෙන්ම මේ වන විට බුස්ස බන්ධනාගාරය සම්බන්ධයෙන්ද විවිධ චෝදනා ලැබෙමින් පවතින බවත් එහි රැඳවුවන් දඩුවමට අමතරව බන්ධනාගාරය තුලදී මානව හිමිකම් උල්ලංඝනය වීමකට භාජනය වෙනවා යැයිද චෝදනා කර සිටියි.

-ශානිකා-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.