English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නව තාක්ෂණය ඔස්සේ නඩු කැඳවීම අද පළමුවරට
(2020-05-20)

<< Go Back
Share |   


බන්ධනාගාර රැඳවියන්ගේ ජිවිත ආරක්ෂා කරමින් කොවිඩ් 19 වෛරසය බන්ධනාගාර තුලට ඇතුලු වීම වළක්වාලමින් නව වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු ඇසිම අද (20) දින කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදි ආරම්භ විය.

එහිදි සැකකරු බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත ගෙන ඒම වෙනුවට වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාපිත කරන ලද තාක්ෂණික කුටියට ඔහුගේ නඩු අංකයත් සමඟ යොමු කරනු ලබයි.  

මෙම නව Tele Presence 4k HD video තාක්ෂණය නඩු ඇසීම සඳහා යොදා ගැනිමට තීරණය වුයේ අප්‍රේල් මස අගදිය. කෙටි කාලින සැකකරුවන්, රිමාන්ඩ් දින දීර්ඝ කර ගැනිමට සිටින සැකකරුවන් දිනකට අධිකරණ වෙත 400 ක් පමණ ඉදිරිපත් කෙරෙන අතර  රටේ පවතින තත්ත්වය මත පහුගිය කාලය පුරා එම නඩු ස්කයිප් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක කළද එහි දසුන් අපහැදිලි වීම මත මෙම නව තාක්ෂණ ක්‍රමයට ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය හා සම්බන්ධ වීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

මෙම නව ක්‍රමය වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය හා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, මාළිගාකන්ද අධිකරණය එක්ව ක්‍රියාත්මක කිරිමට නියමිතය. පසුව නියමු ව්‍යාපෘතියක් ලෙස කොලඹ දිස්ත්‍රික්කය පුරා අධිකරණ වල මෙය ක්‍රියාත්මක කිරිමට නියමිතය.

අද දින මෙම නඩු කැඳවිම සිදු වුයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේය.

-ශානිකා-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.