English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ලංකාවේ අංජබජල් ආර්ථිකයට, ජනපතිගේ “උපාධි කතාව” ගැලපේද?
(2020-05-19)

<< Go Back
Share |   


ජනාධිපතිවරයා කියන ලෙස මෙරට රැකියා වෙලඳපොලට අවැසි ලෙස උපාධි පාඨමාලා සැකසුවොත් සිදු වන්නේ ඒවා ඩිප්ලෝමා පාඨමාලා බවට පත් වීම යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා කියයි.

රැකියා වෙලඳපොලට අවශ්‍ය විදිහට මෙරට උපාධි පාඨමාලා සකස් විය යුතු බව ජනාධිපතිවරයා පහුගිය දිනෙක ප්‍රකාශ කර තිබු අතර, මේ සාකච්ඡාව පරණ එකක් යැයි ඔහු පවසයි.

ලංකාවේ රැකියා වෙලඳපොල යනු ලංකාවේ ආර්ථිකය වන අතර ලංකාවේ ආර්ථිකය ඉතාම දුප්පත්, ඉතාම අවිධිමත්, නන්නත්තාර වු ආර්ථිකයක් බව අප පහුගිය වසර තිහ හතලිහ පුරාම දුටු එකක් යැයිද ඔහු කියයි.

ලංකාවේ නිෂ්පාදනය, වෙලඳපොල දුර්වල නිසාද ඉහල මට්ටමේ රැකියා වලට ඇති ඉඩකඩ අඩු වීම නිසා ඊට ගැලපෙන ලෙස අපේ අධ්‍යාපනය, එහි ගුණාත්මකභාවය කප්පාදු කරන ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් වක්‍රව කියා ඇතැයිද බිමල් රත්නායක මහතා චෝදනා කර සිටියි.

මෙරට අධ්‍යාපනය ඉතා ඉහල මට්ටමක ඇති බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ ලෝකය දිනන්න දරුවන් හැදිය යුතු වුවත් ජනාධිපතිවරයා කියන ලෙසට උපාධි පාඨමාලා සකස් කළහොත් දරුවන්ට මේ උසස් අධ්‍යාපනයකට යා නොහැකි බවය.

මෙය වැරදි අදහසක් බවත් රටේ නායකයන්ගේ චින්තනයට අනුව රටේ අධ්‍යාපනය කප්පාදු නොකරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.