English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
කොවිඩ් 19 තත්වය තුළ වධහිංසනයන්ට ලක් කිරීම් පිළිබඳ වධහිසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවෙන් නිවේදනයක්!
(2020-05-18)

<< Go Back
Share |   


කොවිඩ් 19 හේතු කොට ගෙන ඇති වී ඇති තත්වය තුළ සිදුවන වධහිංසනයන් හා අමානුෂික අවමන් සහගතච සැලකිලි පිළිබඳව වධහිංසනයන්ට එරෙහිව ශ්‍රී ලංකාව පුරා කටයුතු කරන සිවිල් සංවිධාන 28කින් සමන්විත සිවිල් සංවිධාන ජාලයක් වන වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව නි‍වේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින බරපතළ ගැටලුවක් වන බන්ධනාගාරයන්හි අධිත තදබදය රජය විසින්ද හඳුනාගනිමින් රැඳවියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳව හා රැඳවියන් නිදහස් කිරීමට අදාළව අතිරේක මාර්ගෝපදේශයන් සැපයීම සම්බන්ධව රජයට ස්තූතිවන්ත වෙමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගුකාලයක් රඳවා ගෙන චෝදනා ගොනු කිරීමකින් තොරව සිටින රැඳවියන් නිදහස් කරන ලෙස හා විභාග අවසන් කොට ඇති අධිකරණ ක්‍රියාමාර්ගයන්හි තීරණ කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

වසංගත සමයේදී පොලිස් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් සිදු කරන ලද වධහිංසනයන් හා අමානුෂික සැලකීම් පිළිබඳව දැඩි අවධානය යොමු කරන එකමුතුව, කොළඹ නගරයෙහි ජීවක් වූ යාචකයන් 300ක් පමණ ප්‍රසිද්ධ ස්ථාන වල ස්නානාය කිරීමට හා විෂබීජහරණය කිරීමට කටයුතු කර එය ජනමාධ්‍යයට වීඩියෝගත කිරීමට සලස්වා ඒවා ප්‍රසිද්ධ කිරීම මගින් බරපතළ අමානුෂික හා අවමන් සහගත සැලකිල්ලකට ලක් කර ඇති බවද පෙන්වා දේ.

එමෙන්ම මෙම වසංගත සමයේ ආසාධිත රෝගීන්ගේ හා නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි පමුණුවමින් සිදු කරන මාධ්‍ය වාර්තාකරණය පිළිබඳවද එකමුතුව විසින් කණගාටුව පළ කරයි.

මෙම තත්වය තුළ වධහිංසනයෙන් හා කෘර අමානුෂික හා අවමන් සහගත සැලකිලි වලින් වැළකී සිටීමට කටයුතු කරන ලෙස රජයෙන් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාකික එකමුතුව ඉල්ලා සිටී.

සම්පූර්ණ නිවේදනය පහතින්...







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.