English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු ගැටළුවට විකල්ප තුනක් තියෙනවා - එරාන් වික්‍රමරත්න
(2020-05-18)

<< Go Back
Share |   


කොවිඩ් 19 වසංගතයට මුවා වී රට ඒකාධිපති පාලනයකට ගෙන යාමට ජනාධිපතිවරයාට නොහැකි බවත් ඊට ඉඩ නොදෙන බවත් සමගි ජන බල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා කියයි.

ජනතාවගේ වැඩි කැමත්තකින් පත් වුණු පාර්ලිමේන්තුවකට වසර 05 ක ජන වරමක් ඇති අතර ජනාධිපතිවරයාට අවශ්‍යනම් එය වසර හතර හමාරකින් විසුරුවා හැරිය හැකි බවත් ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවද ඔහු කියයි.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මාස 03 ක් තුල අලුත් පාර්ලිමේන්තුවක් කැඳවිය යුතු අතර ඒ අතර මැතිවරණය පැවැත්විය යුතු බවත් ඔහු පවසයි.

නමුත් මේ හදිසි අවස්ථාවේ එය කිරිමට නොහැකිව තිබේනවා නම් ජනාධිපතිවරයාට විකල්ප දෙකක් ඇති බවත් එනම් පරණ පාර්ලිමේන්තුව යළි කැඳවිමත් දෙවැන්න අනුව විසුරුවිමේ රෙගුලාසිය අහෝසි කර ඒ අනුවත් පාර්ලිමේන්තුව කැඳවිය හැකි බව සඳහන් කරන එරාන් වික්‍රමරත්න මහතා කියා සිටින්නේ ඒ දෙකටම ජනාධිපතිවරයා අකමැතිනම් අධිකරණයට ගොස් අධිකරණයේ මතය විමසිය හැකි බවය.

මේ සියල්ල සිදු විය යුත්තේ ව්‍යවස්ථානුකූල ලෙස බව ද ඔහු අවධාරණය කරයි.

කොවිඩ් 19 අවභාවිතා කර ඇතැම් රටවල් වල ඇති ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුක්‍රමය වෙනස් කර ඒකාධිපති පාලනයකට යාමට සමහර නායකවරු තැත් කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා ඇති බවත්, ශ්‍රි ලංකාවට නම් එබඳු දෙයක් විමට ඉඩ නොදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.