English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
එක්සත් ජනපදයෙන් චීනයට කොරෝනා නඩුවක්!
(2020-03-26)

<< Go Back
Share |   


එක්සත් ජනපදයේ නීතිඥයකු වූ ලැරී ක්ලේමන් විසින් කොරෝනා වෛරසය නිර්මාණය කිරීම හා මුදාහැරීම මගින් ලෝකයේ ජනගහනයෙන් තුන්ලක්ෂයකට අධීක සංඛ්‍යාවක් ආසාදනයට ලක් කිරීම යන චෝදනාව යටතේ එක්සත් ජනපද ඩොලර් ට්‍රීලියන 20ක් ඉල්ලා නඩු පවරා ඇත.

ටෙක්සාස් ප්‍රාන්තයේ උතුරු දිශාවේ දිසා අධීකරණයේ පවරා ඇති නඩුවෙන් ඔහු කියා ඇත්තේ මෙම නව කොරෝනා වෛරසය චීනය විසින් ජීව විද්‍යාත්මක අවියක් ලෙස නිපද වූවක් බවයි.

ඒ අනුව චීනය විසින් එක්සත් ජනපද නීතියත්, ජාත්‍යන්තර නීතියත්, ජාත්‍යන්තර ගිවිසුම් හා ආචාරධර්ම උල්ලංඝනය කර ඇති බවයි.

එකී නඩුවේ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙන්නේ එකී අවි තහනම් කිරීමේ ගිවිසුම් හා සම්මුතීන්වලට චීනය අත්සන් කර ඇති බැවින් මෙම ක්‍රියාව රජයේ ක්‍රියාවක් නොවන බැවින්, අධීකරණ මුක්තිය මෙහිදී ආවරණයක් ලෙස යොදා ගත නොහැකි බවයි.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.