English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ඉන්දියා Lock Down හේ.... - නීතිඥ ලක්ෂාන් ඩයස්
(2020-03-25)

<< Go Back
Share |   


වෛරසය ලෝකයේ නව ලෝක රටාවක් නිර්මාණය කරමින් සිටියි. එය සමාජවාදය හෝ ධනවාදය නොවන බොහෝ දෙයහි සම්මිශ්‍රණයක් විය හැක එය  මෙසේ යයි කීමටද කල් වැඩිය. කල නොහැක්කක්යැයි අප සිතු ඉංදීයාවටම දින 21ක් ඇඳීරීනීතිය පැනවුයේ , ඉන්දියාව වසර 21ක් පස්සට යාමට  අකැමැති නිසාය. වෛරසය ඉබාගාතේ ගියොත් ඉන්දියාව නවතින්නේ සියවස් 21ක් පිටුපසිනි. India.සම්පුර්ණ.Lock Down හේ... එහෙම කිව්වේ  මොඩි ...

ඉන්දියවේ බොහෝ සංචාර කර  ඇති මම එහි බොහෝ තැන් දැක  ඇත්තෙමි එම නිසාම දින 21ක  ඇඳිරී නීතිය පැනවීමට  තරම් ඉංදියාව බියවීම වෛරසය ඉංදියවේ පැතිරීමේ භයානක කම ඉංදියාව තේරුම් ගෙන  ඇති ආකරය හොඳින් දැනේ, එලේස පැතිරුනොත් එය ඉතා  බියකරු සිහිනයකි.

ලංකාවටද  එය දැනී තිබිය  යුතුය. රජයේ හා ජනතවගේ හැසිරීමද චෝදනා නොකල යුත්තකි සියල්ලෝ ත්ත්ත්වය  තේරුම් කරගෙන කල හැකි උපරීමයෙන් කරති , සන්නිවෙදනය ඉතා ශක්තිමත් මෙවලමක් සේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙයි  එය බොහෝ දෙනාට නව විදික්‍රම හා උගත් පාඩම් බෙදා හරියි  අප චීනයෙන් හා සිංගප්පුරුවෙන් පාඩම් උගෙන ගනිමින් සිටියි එමෙන්ම ඉංදියාවෙන්ද පාඩම් උගෙන ගත යුතුය , කල නොහැකි දේ කේසේ හෝ කිරීම තුල හානිය  අවම කිරීමේ පාඩම විය හැක.

අප මෙන් පාර්සල් ගෙදරවල් ව්ලට බෙදීම ඉන්දියවෙදී කල හැකිද යන්න  ඉන්දියාවට අපෙන් උගෙන ගත හැකි පාඩමක්ද? හෝ පංචායත් ක්‍රමය වඩාත් ප්‍රායෝගික වනු ඇත්ද ?

බොලිවුඩයේ බොහෝ අයගේ හා ෂාරුඛ් ඛාන්ගේ නිවස අසල  ඇති බොම්බායේ  බිහිසුනු පැල්පත්වාසීන්ට දින 21 කෙසේ බලපායිද , ඔවුන් එය කෙසේ කළමනාකරනය කරයිද?  අප ඉංදියාව දෙස බලා සිටිය යුතු කාරනයයි නව  ආදර්ශයක් එයින් එහි පැන නගීද?

රාජස්තානය , ගොරක්පුර් ඇති උත්තර ප්‍රදේශය  වරනාසි ,  කල්කටාව හා බිහාරය හා දිල්ලිය කෙසේ කටයුතු කරයිද  මේවා විවිධ  කාලගුනික හා දේශගුනික පරාසයන්ට මුහුනදෙන හා ආර්තික පරාසයන්ට මුහුන දෙන ප්‍රදෙශයන්ය

සියල්ලන්ටම බත් වැනි උත්තර කිසිවකුට හමු නොවනු ඇත.  විවිධ උත්තර අලුත් දැනුම අපාතරට  පැමිනෙවී, මේ උත්තර  සියල්ල  අප ජීඅත් වුවහොත් නව ලෝක රටාවටම අඩුම කුඩුම සපයනු ඇත.

සමහර දේ අසමත් වී  ඇති අතර සමහරදේ ශක්තිමත්වී ඇත. මිනිසුන් අලුතින් සිටීමට පටන්ගෙන ඇත. එවා පොලොවේ ජීවත්වීම ගැන සිතිවිලිය , දුක බෙදාගැනීමට බොහෝදෙනාට ඇති  කැමැත්ත වගකීමක් ලෙසම බාරග්ගනියි. ලෝකය එකම යායකි බ්ංගලිදේශයේ රහ්මන්ගේ  ආසාදනය හෝ පකිස්තානයේ  ෆාරූක්ගේ ආසදනය හෝ ඉංදියවේ අභිශේක්ගේ  ආසාදනය මමම ආසාදනය වු සේ නොදැක්කොත් එය  මහා  වැරදීමකි . එකට සිතමු එකට  උත්තර සොයමු යන්න අපට මන්ත්‍රයක් සේ මිමිනිය යුතුය.

ලංකාව ගැන මම සුභ සිහින  දකියි එය කලමණාකරනය කිරීමට  හැකි බව මගේ විශ්වාසයයි.ලංකාව එම ආදර්ශය ලබා දෙමින් සිටියි වැරදුනද  එය නැවත සකසා ගන්නට තරම් ලංකාවට  කලමණකරනය කිරීමේ ජවයක් ඇත, එහි වඩාත්ම වැදගත් සංඝටක අපේ ජනතාවයි. මම  අපේ ජනතාවට් ආදරය කරමි. අපට කලාපයක් ලෙස හා රටක් ලෙස ජයගත හැක.

-නීතිඥ ලක්ෂාන් ඩයස්.-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.