English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මුඛ ආවරණ අත්‍යවශ්‍යද?
(2020-03-25)

<< Go Back
Share |   


කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක පනවා තිබු ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණේ ඊයේ (24) පෙරවරු 6.00 ටය. දිවයිනේ සෙසු ප්‍රදේශ වල පනවා තිබු ඇඳිරි නීතිය තාවකාලිකව පෙරේ්දා (23) පෙරවරු 6.00 ට ඉවත් කර යළි එදිනම පස්වරු 12.00 ට පොලිස් ඇඳිරිය පැනවිණි. ඊයේ ඉවත් කෙරුණු ප්‍රදේශ වලට යළිත් පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුයේ එදිනම පස්වරු 2.00 ටය.

මේ තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතියේදි මහ මඟට ගිය විට නිරික්ෂණය වුයේ වෙලඳපලට පැමිණෙන සියලු දෙනාම මුඛ ආවරණ පළඳා ඇති බවය. කොරෝනා වසංගතය මෙරටට පැමිණි අවස්ථාවේදි මුඛ ආවරණ පැළඳුයේ ඉතාමත් ස්වල්ප දෙනෙකි. නමුත් දිනෙන් දිනම මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගලයින් නිසා රජයට පහුගියදා සිදු වුයේ දිවයිනටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමටය. වෙනසක අපුරුව කෙතරම්ද යන්න තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කෙරුණු අවස්ථාවේ වෙලඳපලට, ඔසුහලට, මහමඟ ගිය සියලු දෙනා මුඛ ආවරණ පලඳා සිටියහ.

එක් වයස්ගත කාන්තාවක් මුඛ ආවරණයක් නොමැතිව ගමන් කළ අවස්ථාවේ පොලිස් නිලධාරින් විසින් ඇයට ප්‍රකාශ කර සිටියේ මුඛ ආවරණයක් වහාම පලඳින ලෙසත් නැතිනම් පොලිසියට රැගෙන යාමට සිදු වන බවය. මෙයින් බියපත් වු එම කාන්තාව වහාම සිය අත්ලේන්සුවෙන් මුව වසා ගත්තාය. මේ අතර තවත් කාන්තාවක් නිවෙස අසල වෙලඳසැලට ගොස් ගිය පයින්ම ආපසු නිවසට දිව්වේ අපෝ කඬේ ඉන්න ඔක්කෝම මාස්ක් දාගෙන. මමත් මේ දාගෙන යන්න ආවේ යැයි පවසමිනි.

එමෙන්ම බොහෝ දෙනා ප්‍රමිතියකින් තොර විවිධාකාරයේ මුඛ ආවරණ වලින් සැරසි සිටිනුද නිරික්ෂණය විය. ඇතමුන් සිටියේ මේ මුඛ ආවරණ නිසා දැඩි ලෙස පීඩාවට පත්වය.

මේ අතර මුඛ ආවරණ පලඳා එය විලාසිතාවක් ලෙසින් ඇතැම් පුද්ගලයින් මුහුණු පොතට ඡායාරූපද ඇතුලත් කර තිබෙනු දක්නට ලැබුණි.

ඇත්තටම අප මුඛ ආවරණ පැලඳිය යුතුද යන්න මෙහිදි බොහෝ දෙනොගේ සිත් තුල පවතින ගැටලුවකි.

නමුත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙරට තවම මුඛ ආවරණ පැලඳිමේ අවශ්‍යතාවයක් මතුව නැති බවය. ඒ කොරෝනා වෛරසය සමාජීය වශයෙන් පැතිර නොමැති බව නිසා බවද ඔහු පවසයි. මේ මුඛ ආවරණ පැලඳිය යුත්තේ රෝගීන්, ආසාදිත පුද්ගලයින්, නිරෝධායනය වන පුද්ගලයින් සමඟ රාජකාරි කරන අය වන අතර නමුත් ඇතමුන් මුඛ ආවරණ පැලඳිම සම්බන්ධයෙන් කිසිවක් පැවසිමට නොහැකි බවද ඔහු සඳහන් කර ඇත. නමුත් මෙය අවශ්‍යතාවයක් ලෙස රජය මෙතෙක් නිවේදනය කර නොමැති බවත් වඩාත් වැදගත් වන්නේ දෑත් පිරිසිදු කර ගැනීම බවද ඔහු පෙන්වා දෙයි.

-ශානිකා මාධවී-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.