English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මාසයක් තුළ එක් අයකුගෙන් “හාරසීයකට” කොරෝනා බෝවීමේ අවදානමක්!
(2020-03-23)

<< Go Back
Share |   


කොවිඩ් - 19 වෛරසය  ආසාදිත  රෝගියකුගෙන්  මාසයක් තුළදී තවත් පුද්ගලයන් 406 දෙනකුට වෛරසය පැතිරීමේ හැකියාව පවතින බවට මේ වන විට අනාවරණය කරගෙන ඇතැයි රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළේ  විශේෂඥ වෛද්‍යවරයකු අනතුරු අඟවා තිබේ.

එවැනි අවදානම් සහගත තත්වයක් තුළ  රෝගය විශාල වශයෙන් පැතිර ගියහොත් රටේ  පවතින සම්පත් අනුව ජීවිත ආරක්ෂාව සිදු කිරීමේ ඇති අමාරුකම ජනතාව  තේරුම් ගත යුතු  අතර තමන්ගේ ආරක්ෂාව ස්වයංව සලසා ගැනීමේ වගකීමත්  ජනතාව තේරුම්ගත යුතු  බව  ළමා ස්නායු විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පවසයි.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම  සදහා තාවකාලීකව ඇදිරිනීතිය ලිහිල් කිරීමේ කාලය තුළ දී වෙළද සැල් තුලට යාමේදී  වෛද්‍ය වරුන් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන්නැයි දොස්තර පාදෙනිය ඉල්ලා සිටියේ “කොවිඩ් - 19” වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ඉරිදා  දින පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පිටරට සිට ආ 15,000ක් ගැන හමුදා අවධානය 

මාධ්‍ය හමුවට එක්වෙමින් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  ප්‍රකාශ කර තිබුනේ රට  පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45 ක රටවල් 17 කින් පැමිණි විදේශිකයින් 31 දෙනකු ඇතුළු පුද්ගලයන් 3506 දෙනකු මේ වන විට නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කර ඇති බවයි.

එමෙන්ම, සෞඛ්‍ය අංශ, යුද්ධ හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව සිදුකරන ලද පරීක්‍ෂණ වලදී මාර්තු මස 2 සිට 15 දින දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 15,000 ක් පමණ විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තහවුරු වී තිබේ.

ඔවුන්ගේ ක්‍රියාකලාපයන් කෙරෙහි අවධානයෙන් පසුවිය යුතු අතර  ඇතැමුන් මේ වන විටත් ස්වයං නිරෝධායන කටයුතු වල යෙදී සිටින බව  හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය අංශ  පවසන පරිදි මේ වන විට දිවයි න තුළ වාර්තා වන කොරෝනා වෛරස් ආසාධිතයන් ගණන 91 කි.

දිවයින පුරා පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලට හැර සෙසු දිස්ත්‍රික්ක වල 23  සඳුදා  දින පෙරවරු 06.00 ට ඉවත් කළ අතර  නැවත පස්වරු 02.00 සිට නැවත දැනුම්දෙන තුරු පනවා තිබේ.

කොළඹ, ගම්පහ, පුත්තලම, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය 24  අඟහරුවාදා  දින පෙරවරු 6.00 ට ඉවත් කර එදිනම පස්වරු 2.00 සිට  නැවත දැනුම්දෙන තුරු පැනවීමට නියමිතව ඇත.

ක්ලෝරෝක්වින් (Chloroquine) සහ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් (Hydroxychloroquine) නම් චිකිත්සක ඖෂධ මෙම වෛරසයට ඖෂධ වශයෙන් නියම කර නොමැති අතර එම ඖෂධ වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව අලෙවි කිරීම තහනම් බව රජය  ඔසුසැල්වලට දන්වා  තිබේ.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.