English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
කොරෝනා පාලනය හමුවේ රටේ ජනතාව හරක්ද?
(2020-03-23)

<< Go Back
Share |   


දිවයින පුරා පහුගිය 20 දා පැන වු ඇඳිරි නීතිය ගම්පහ, කොළඹ, පුත්තලම හා උතුරු පළාත හැර සෙසු ප්‍රදේශ වල අද (23) අලුයම 6.00 න් අවසන් කෙරුණි. මෙම ඇඳිරි නීතිය ඉවත් කිරිම තාවකාලිකව සිදු කල දෙයක් වන අතර නැවත පස්වරු 2.00 ට ඇඳිරි නිතිය පැනවීමට නියමිතව ඇත.

මෙම ඇඳිරි නීතිය ඉවත් කිරිමේදි රජය ඒ සම්බන්ධයෙන් මහජනතාවට මුලික උපදෙස් 10 ක් නිකුත් කර තිබුණි. එනම් අවශ්‍ය කරුණක් මත පමණක් පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරිම, පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක දුරක් තබා ගැනීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනිම සඳහා නිවස අසලම ඇති වෙලඳසැලකට පමණක්  යාම, ඒ සඳහා නිවසකින් එක් අයෙකු පමණක් ගමන් කිරිම, ලබා දි ඇති සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන් පිලිපැඳිම, වයෝවෘද්ධ පුද්ගලයින් නිවස තුලම රඳවා ගැනීම, වෙලඳසැලේ ගත කරන කාලය තුලදි පුද්ගලයින් අතර දුර මීටරයක් පමණ තබා ගැනීම, වෙලඳසැලේ ගත කරනකාලය සීමා කිරිම ඒ මුලික කරුණු අතර අඩංගු වේ.

නමුත් අද දින ඇඳිරි නීතිය ඉවත් කළ  ප්‍රදේශ වල ජනතාව ක්‍රියා කළ ආකාරය ඉතාම ශෝචනිය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියි. ඔහු පවසන්නේ ඇතැම් ප්‍රදේශ වල ජනතාව ගවයින්, කුකුලන් මෙන් හැසිරුණු බවය.

රජය, විවිධ මාධ්‍ය, සෞඛ්‍ය අංශ විසින් පහුගිය දිනවල පුන පුනා ලබා දුන් උපදෙස් එක තප්පරයට අමතක කර ඔවුන් වෙලඳසැල් වලට ගොස් කුකුලන් මෙන් පොරකමින්, හරකුන් සේ හැසුරුණු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියි.

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරනු ලැබුයේ මහජනතාවට පාරට බැස විනෝද වීමට නොව  නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනිමටය. නමුත් ඔවුන් මෙසේ හැසිරිමෙන් පහුගිය කාලය පුරාවටම කොරෝනා රෝගය පැතිරිමට ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ වි යා හැකි බව මෙම පුද්ගලයින් මොහොතකටවත් සිතන්නේ නැත. යතුරු පැදි වල, ත්‍රීරෝද රථ වල ගමන් කළ හැකි ප්‍රමාණයට වඩා පුද්ගලයින් ගමන් කරමින් සිටින අයුරු නිරික්ෂණය වු අතර ඔවුන් වෙලඳසැල් වලට ගොස් භාණ්ඩ මිලදි ගනු ලැබුවේද තරඟයකට සහභාගි වි ඇති ආකාරයකටය.

අප රට මොන තරම් දියුණු යැයි කිවත් මේවා දකින විට සිතෙන්නේ අප තවම ගල් යුගයේ සිටින බවය. තාක්ෂණය අතින් අප දියුණු වුවත් අප මනස අතින් දියුණු වී නොමැති බව මෙවැනි හැසිරිම් තුලින් විදහා පායි.

කොවිඞ් 19 නොහොත් කොරෝනා මාරාන්තික වෛරසය රට පුරා ව්‍යාප්ත විම වැලැක්විම පිණිස රජය විසින් පැන වු ඇඳිරි නීතියේ ප්‍රධාන අරමුණ වුයේද ජනතාව ඒකරාශි විම වැලැක්විමය. නමුත් ඇඳිරි නීතිය සමයේද ඇතැම් පුද්ගලයින් කටයුතු කර සිටින්නේ මන්දබුද්ධිකයින් මෙනි. පහුගිය 20 දා සිට අද අලුයම වන විට ඇඳිරි නිතිය කඩකල පුද්ගලයින් 1754 ක් පොලිසියට අත්අඩංගුවට ගැනිමට හැකි වුයේ ඒ නිසාය. එමෙන්ම තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශ වලට ජනතාව නිසි සෞඛ්‍ය රිතින් උල්ලංඝනය කරනවාද යන්න සොයා බැලිමට පොලිසියට සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරින් යෙදවීමට සිදු වි ඇත්තේද හය හතර නොතේරන ජනතාවක් තවමත් මේ රටේ වෙසෙන බැවිනි.

-ශානිකා මාධවී-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.