English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ඇමරිකාව තුන්වන ස්ථානයට - ඊයේ රෝගීන් 9939ක්
(2020-03-23)

<< Go Back
Share |   


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි. මින් දෙදෙනෙකු තත්ත්වය අසාද්‍ය බව පැවසනෙ අතර ඔවුන් දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රථිකාර ලබා ගනිමින් සිටිනා බව වාර්තා වේ. ඒමෙන්ම රෝගීන් 4 දෙනෙකු මේ වන විට සම්පුර්ණ සුවය ලබා ඇත.

මේ වන විට රෝහල් 18ක කොරෝනා බවට සැක කරනු ලබන තවත් රෝගීන් 232 දෙදෙනෙකු ප්‍රථිකාර ලබා ගනිමින් සිටිනා අතර, 3500 කට වැඩි පිරිසක් නිරෝධායන මාධ්‍යස්ථාන 45ක නිරෝධායන ක්‍රියාවලියක නිරත වන බවත් වාර්ත වේ.

ශ්‍රී ලංකාව යම් පමණකට මේ වන විට මෙම වසන්ගත තත්ත්වය පාලනය කර ගෙන ඇතත්, ලෝකය පුරා මෙම වෛරසය ලැව්ගින්නක් මෙන් පැතිරෙමින් තිබේ. අද වන ලෝක‌යේ රවටල් 190කට මෙම රෝගය පැතිර ඇති අතර අද වන විට මෙම වෛරසයට පාත්‍රවූවන් ගේ සංඛ්‍යාව 338,724ක් දක්වා ඉහල ගොස් තිබේ. මින් 99,003ක් සම්පුර්ණ සුවය ලබා ඇතත්, අද වන විට මෙම වෛරසය හේතුවෙන් මිය ගිය ප්‍රමාණය 14,687 දක්වා ඉහල ගොස් තිබේ. ඒය 13%ක ප්‍රථිශතයක් බව පැවසේ.

මෙම වෛරසයෙන් මේ වන විට වැඩිම පීඩාවට පත්ව ඇත්තේ යුරෝපයයි. ඉතාලිය මෙම වෛරසයට ගොදුරැවී ඇති රටවක් වන අතර ඊයේ වන විට මෙම වෛරසය හේතුවෙන් 651 දෙනෙකු මිය ගොස් තිබේ. ඉතාලිය තුළ අද වන විට මෙම වෛරසයෙන් 5476 දෙනෙක් මිය ගොස් තිබේ. ඒමෙන්ම, වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 59,138ක් බව වාර්තා වන අතර චීනට පසු මෙම වෛරසයෙන් පීඩා විදින දෙවැනි රට වන්නේ ඉතාලියයි.  

යුරෝපය ඇරැණ කොට මෙම වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින අනෙක් රට වන්නේ ඇමරිකාවයි. ඇමරිකාව තුළ අලුතින් රෝගීන් 9339 ඊයේ (22)  දින සොයා ගෙන ඇති අතර, ඊයේ දින පමණක් 117 දෙනෙකු මෙම වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ. ඒමෙන්ම, කොරෝනා රෝගීන් වැඩිම ප්‍රමාණයක් සිටින තුන්වන රට බවට ඇමරිකාව පත්වී ඇති අතර අද වන විට ඇමරිකාව තුළ කොරෝනා ආසදිත රෝගීන් 33,546 දෙනෙක් මේ වන සොයා ගෙන තිබේ. ඒමෙන්ම, මෙම වෛරසය හේතුවෙන් 9339 දෙනෙක් මේ වන විට ඇමරිකාව තුළ මියගොස් තිබේ.

 

  







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.