English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
“සජිත් ප්‍රේමදාස” වීරත්වය පෙන්වීමට ගොස් අඥාන බව නොපෙන්වන්න! - දුලාන් දසනායක
(2020-03-23)

<< Go Back
Share |   


සජිත් ප්‍රේමදාස මහතා ලංකාවේ දේශපාලන පිටිය තුළ ඉතාමත් විශාල අධීතක්සේරුවකින් සිටිනා දේශපාලඥයෙකි. ඔහු ජනාධීපතිවරණය තුළද සිටියේ ඉතාමත් දැඩි අධිතක්සේරුවකින් බව අප කවුරුත් දන්නා දෙයක්. මේ වන විටත් ඔහු යම්කිසි අධිතක්සේරුවකින් සිටින බව පෙනේ.

ඔහු සිතා සිටින්නේ ඔහුගේ ප්‍රකාශ ඉතාම ඥානාන්විත ප්‍රකාශ බවයි. ඔහු ජනාධීපතිවරණ සමයේත් ඇතැම් ප්‍රකාශ සිදු කලේ තර්ක බුද්ධියක් නොමැතිවය. මධ්‍යම පන්තිය අතර ඔහු අප්‍රසාදයට පත් වීමට එය හේතු විය. නමුත් ඔහුට අදටත් එය වැටහී නැත. ඔහු සිතා සිටින්නේ ඔහුගේ ඡන්ද අඩු වීමට බලපෑවේ ආණ්ඩුවේ ප්‍රශන්ය පමණක් බවයි. එම නිසා ඔහු නැවත නැවතත් ඔහුගේ වීරත්වය පෙන්වන්නට ගොස් අඥාන බව ලෝකයට එළිදරව් කරමින් සිටී.

අලුත්ම සිදුවීම නම් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා නිවසේ සිට සමාජ ජාලා වෙත මුදා හැර ඇති වීඩියෝවයි. මේ මගින් ඔහු කොරෝනා වෛරසයටා ලබා දිය යුතු ඖෂධ පිළීබඳ විස්තරයක් කරගෙන යයි.

නමුත් රටම ජාතික ව්‍යස්නයක් වී ඇති අවස්ථාවක ඖෂධ නාමයන් හෙළිදරව් කරමින් වෛද්‍ය භූමිකාවක් රග පෑමට සජිත් ප්‍රේමදාසට ඇති අයිතිය කුමක්ද?

මේ වන විට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අවශ්‍ය තීරණ ගනිමින් සිටියි. එමෙන්ම කොරෝනා මර්ධන බලකායක් පිහිටුවා ඇත. එහි ප්‍රාධානත්වය දරන්නා පිළිබද ප්‍රශ්න ඇතත් සෞඛ්‍ය ඇමතිනිය හා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් එහි සාමාජිකයන් වෙයි. එමෙන්ම බොහෝ වෛද්‍ය පර්යේෂකයන් එයට සම්බන්ධ වී සිටියි. ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරවද මේ සම්බන්ධයෙන් පිලීයම් යොදමින් සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ සම්බන්ධයෙන් කටයුතු කරයි. එවන් තත්වයක් තුළ වෛද්‍ය භූමිකාව රගපෑමට සජිත් ප්‍රේමදාසට ඇති අයිතිය කුමක්දැයි මා නැවතත් අසමි.

විශේෂයෙන් මේ තීරණාත්මක අවස්ථාවේ, ගෝලීය වසංගතයකට ලංකාව විවෘත වී ඇති මොහොතක වගකිවයුතු දේශපාලඥයන් හැසිරිය යුත්තේ මේ ආකාරයට නොවේ. දේශපාලඥයන් සිදු කල යුත්තේ ජනතාව සන්සුන් කිරීමයි. ජනතාවට ධෛර්යය සැපයීමයි. විපක්ෂ දේශපාලඥයෙකු ලෙස මේ ව්‍යසනයෙන් ගැලවීමට ආණ්ඩුවට විවේචනාත්මක සහය ලබා දිය යුතුය. ආණ්ඩුවේ අඩු පාඩුවක් ඇත්නම් පෙන්වා දී රජයට හැකි උපරිම සහය දීමට ජනතාව පොළඹවීම වගකිවයුතු දේශපාලඥයකුගේ කාර්යභාරයයි.

මීට පෙර කොරෝනාවට එරෙහි ඖෂධ වර්ග රජයට හිතවත් මහාචාර්ය චන්න ජයසුමන හා වෛද්‍ය සීතා අරඹේපොල යන වියතුන් දෙපළ විසින් හෙලිදරව් කීරීම නිසා මේ වනවිට ඖෂධ නියාමන අධිකාරියට එකි ඖෂධ බෙදා හැරීමේ සීමා පැනවීමට සිදු වී ඇත. විශේෂඥ වෛද්‍යවරයකුගෙග් නිර්දේශය නොමැතිව එම ඖෂධය බෙදා හැරීම වළක්වන ලෙස නියෝග පනවා ඇත.

ප්‍රේමදාස මහතා සිදු කර ඇත්තේ ඊට නොදෙවනි ක්‍රියාවකි. ජනතාව ඔහුගේ කතාවන් ඒ තරම්ම පිළිනොගත්තත් පිළිගන්නා කොටසක්ද සිටියි හැක. එම නිසා ඖෂධ නාමයන් හෙළිදරව් කිරීම ව්‍යසනය තවත් දරුණු කිරීමට හේතු වනු ඇත. විශේෂයෙන් එකී ඖෂධ නිවැරදිද නැද්ද යන්න පිළීබඳ මා නොදන්නා බැවින් කිසිවක් නොකියමි. නමුත් මේ වනවිටත් ප්‍රේමදාස මහතාගේ ඖෂධ වට්ටෝරුව තාර්කිකව විෂය දැනුම ඇති පුද්ගලයන් විසින් කුඩුපට්ටම් කරමින් සිටින බව නම් දැකිය හැක.  මේ සම්බන්ධයෙන් ප්‍රෙමදාස මහතාට විෂය දැනුමක් නැති නිසා අපට පිළිගැනිමට සිදු වන්නේ විෂය දැනුම ඇත්තන්ගේ ප්‍රකාශ බැවින්  ප්‍රේමදාස මහතාගේ ඖෂධ වට්ටෝරුවත්

කිසිදු විද්‍යාත්මක පදනමක් නැති එකක් බව හැගී යයි. එසේ නම් සජිත් ප්‍රේමදාස සිදු කර ඇත්තේ බරපතළ වරදකි.

විශේෂයෙන් මේ අවස්ථාවේ කොරෝනා මර්ධනයට යොදා ගන්නා ඖෂධ කුමක්දැයි රජයේ වෛද්‍ය නිලධෘරීන්ගේ සංගමයට, හෙද නිලධෘරීන්ගේ සංගම් වලට, ඖෂධ වේදීන්ගේ සංගම් වලට එළිදරව් කල හැක. එසේත් නැතිනම්, කොරෝනා මර්ධක බලකායට හෝ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ඒ පිළිබඳ හෙළිදරව් කල හැක. අඩු තරමින් ප්‍රසිද්ධිය පතා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන සෞඛ්‍ය ඇමතිනියවත් ඒ සම්බන්ධයෙන්ප්‍රකාශ නොකරයි. ඒ ඔවුන්ගේ වගකීම්සහගත බවයි.

සජිත් ප්‍රේමදාස මහතාට කීමට ඇත්තේ මෙපමණයි. ගෝලීය ප්‍රශන්යක් වු මෙම ව්‍යසනයට ගෝලීය විසඳුමක් අවශ්‍ය වුවද ගෝලීය විසඳුම් ඔබේ කුඩා ජාතිකත්ව මනසට ගෝචර නොවන බවත් අප දනිමු. නමුත් වසර ගණනාවක් මෙරට දේශපාලනය කල පුද්ගලයකු ලෙස මේ මොහොතේ තත්වය අනවශ්‍ය පරිදි අවුල් කරමින් මීඩියා වලින් ජනප්‍රිය වීමට උත්සහ නොගන්න. ඔබ ඉස්සුනේ මහපොළොවේ සිට නොව මීඩියා වලින්ය. මේ අවස්ථාවේදී මීඩියා මගින් ඔබගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නට බොරු ලකුණු දමා ගැනීමෙන් වළකින්න.  මීඩියා වලින් ගොඩ නැගෙන්නේ තාවකාලික ප්‍රතිරූප පමණක් බව වටහා ගන්න. මේ ව්‍යසන අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන්න.

-දුලාන් දසනායක.-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.