English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
පොලිස් ඇඳිරි නීතිය හා බඩගින්න
(2020-03-22)

<< Go Back
Share |   


මේ වන විට මුලු ශ්‍රි ලංකාවම ඇත්තේ පොලිස් ඇඳිරිනීතියට යටත්වය. වෙනදා කඩිමුලක්ව තිබු කොළඹ ඇතුලු ප්‍රධාන නගර සේම ගම්මානද අද පාලුවට ගොසිනි.

වෙනදා යන්ත්‍ර මෙන් දෛනික රාජකාරි වල නිරත වු පිරිස් අද මහ පාරේ දක්නට නැත. පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ හෝ සෞඛ්‍ය අංශයේ නිලධාරියෙක් පමණක් ඉඳහිට පාරේ ගමන් කරනු දක්නට ඇත. සියල්ලන්ම තම තමන්ගේ නිවෙස් වලට වී සිටිති.

ඔබ සියල්ලන්ම නිවසේ සිටියත් එදිනෙදා නිවෙසක් නැති, අසරණ වු පිරිසක් මහ මඟ සිටින බව ඔබ මොහොතකටවත් සිතන්නට නැත. නමුත් සත්‍ය එයය. ඔවුන්ද මේ රටේ මිනිසුන්ය. මෙය සත්වයින්ටද පොදුය. නගරයේ සැරිසරන සුනඛයින්, පුසන් අද කුසගින්නේය.

දිළිඳු බව, අසරණකම නිසා ඔබට මෙන් දිළිඳු පුද්ගලයින්ට නිවසක් නැත. ඔබට මෙන් සුපිරි වෙළඳසැල් වෙත ගොස් දින ගණනකට අවැසි ආහාර පාන ලබා ගැනීමට හැකියාවක් නැත. ඔවුන් දිවි ගෙවන්නේ කොහේ හෝ බිම්කඩකය. වෙනදා සිඟමනේ ගොස් දිවිය සරි කර ගත් ඔවුන්ට අද කෑම ලැබෙන්නේ නැත. ඒ පොලිස් ඇඳිරි නිතිය නිසා සියල්ලන්ම නිවෙස් වලට වි සිටින බැවිනි. ඔවුන්ට කුසට යමක් ඉල්ලා ගැනීමට අද නගරයේ කෙනෙක් නැත. පොලිස් ඇඳිරි නීතිය කියා ඔවුන්ගේ කුසගින්න නිමෙන්නේ නැත.

නමුත් මෙවන් අසරණ වු පුද්ගලයින් පිලිබඳ ශ්‍රි ලංකා නාවික හමුදාව හා කොම්කඤ්ඤ වීදිය පොලිසිය විසින් අවධානය යොමු කර තිබුණේ මෙවන් පසුබිමක් තුලය.

කොළඹ 02 ප්‍රදේශයේ හා වත්තල, රාගම, කඳාන, ජා ඇල වෙසෙන අසරණ, දිළිඳු පුද්ගලයින් වෙනුවෙන් ආහාර සැපයිමට ඔවුන් ඉදිරිපත්ව තිබුණේ ඒ නිසාය. තවකෙකුගේ කුසගින්න දැනෙනා මෙවන් නිලධාරින්ට අයිතියේ උත්තමාචාරය අප මෙලෙස සටහන් කර සිටින්නෙමු.

-ශානිකා මාධවී-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.