English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වගකීම් විරහිත අපේ මිනිසුන්!
(2020-03-21)

<< Go Back
Share |   


කොවිඩ් 19 නොහොත් මාරාන්තික කොරෝනා වෛරසයට මෙරට ගොදුරු වීම නිසා මේ වන විට මුලු ලංකාව ඇත්තේ අවදානමකය. ජනතාවට මේ වෛරසයෙන් ගැලවී සිටින්නට රජය කෙතරම් සෞඛ්‍ය උපදෙස් ලබා දුන්නත් ඇතමුන් ඒවා කණකට ගන්නේ නැත. මෙවැනි වගකීම් විරහිත පුද්ගලයින් නිසාම රට පුරා මේ වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති බව ඔවුන් සිතන්නේ නැත. ඔවුන් සිතන්නේ ඔවුන් ගැන පමණය. නමුත් ඔවුන්ට නොදැනිම ඔවුන්ගේ සමීපතයින් සියලු දෙනා මේ වෛරසයේ අවධානමකට ලක් වේ.

ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකුගේ වෑන් රථයක් පහුගියදා මුන්දලම පොලිස් බල ප්‍රදේශයේදි පා පැදියක ගැටි අනතුරක් සිදුව තිබු අතර එහිදි වෑන් රථයේ රියදුරු ඔහු ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු බව පොලිසියෙන් සඟවා ඇත. මෙහිදි ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඉකුත් 11 දා දක්වා රක්ෂිත බන්ධානාගාර  ගත කිරිමෙන් පසු ඇප මත මුදා හැර තිබුණි. ජා ඇල පදිංචිකරුවෙකු වන මොහු ඉන් ටික දවසකට පසුව රාගම රෝහල වෙත ඇතුලත්ව ඇත්තේ පපුවේ අමාරුවකටය. එහිදිද මොහු විදේශගතව සිට පැමිණි අයෙක් බව ප්‍රකාශ කර නොමැත. නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වු පුද්ගලයෙකු බවට රාගම රෝහල විසින් අනාවරණය කර ගැනීමත් සමඟ රෝහලේ සිටි සියලු දෙනාම නොසන්සුන්තාවයට පත් වුයේ මොහුගේ වගකීම් විරහිත හැසීරිම පිලිබඳ දෝෂාරෝපණය කරමිනි. එමෙන්ම මොහු නිසා මේ වන විට මුන්දලම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු කාර්ය මන්ඩලය ආදි මොහු සම්බන්ධයෙන් කටයුතු කළ සියලු දෙනාට ස්වයං නිරෝධානයට ලක් වීමට සිදුව තිබේ. එක් පුද්ගලයෙකුගේ නොමනා හැසිfරිමෙන් පුද්ගලයින් විශාල පිරිසක් අද අවධානමට ලක්ව ඇත.

මේ අතර රත්නපුර මැණික් ව්‍යාපාරිකයාට කොවිඩ් 19 වෛරසය ආසාදිත වි තිබුණේ ගල්කිස්ස මැණික් ව්‍යාපාරිකයාගෙනි. ඔවුන්ගේද වගකීම් විරහිත හැසිරිම් නිසා මේ වන විට රත්නපුර මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ, දරුවා ද මෙම වෛරසයට ගොදුරුව සිටින බව පහුගියදා සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබුණි. මේ වන විට එම පවුල ඇසුරු කළ පවුල් 60 ක්ද ස්වයං නිරෝධානයට ලක් කර ඇත.

රට තුල මෙවන් තත්ත්වයක් මතු වෙද්දි රජය පහුගියදා 18/19 පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නිතිය පනවනු ලැබුයේ එම ප්‍රදේශ වල විදේශගතව සිට පැමිණ නිරෝධායනයට ලක් නොවු පිරිසක් වැඩි වශයෙන් සිටිනා බවට තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟිනි. නමුත් මේ ඇඳිරි නිතිය පැනවු අවස්ථාවේද බත්තලංගුංඩුව ප්‍රදේශයේ සිට මන්නාරමට බෝට්ටු මඟින් යාමට සිටි කාන්තාවන්, කුඩා දරුවන් ඇතුලු පුද්ගලයින් 20 ක් නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ 19 දාය. පොලිස් ඇඳිරි නිතියද නොතකා මොවුන් කටයුතු කිරිම සම්බන්ධයෙන් අවසානයේ යන්නට සිදු වුයේ කල්පිටිය පොලිසියටය.

එමෙන්ම රට පුරා සියලුම උත්සව, තරඟ තහනම් කර තිබියදි දඹුලලේ පා පැදි සවාරියක් සංවිධනාය කර තිබුණි. මේ සම්බන්ධයෙන්ද දඹුල්ල නගාරාධිපතිවරයා ඇතුලු තරඟයේ සංවිධායකවරයෙක් දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත්තේ රජයේ උපදෙස් නොතකමින් නිරෝධාන ක්‍රියාවලියට පටහැනිව කටයුතු කළ බැවිනි.

මේ අතර ඊයේ දින බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිරිසක් අත්අඩංගුවට පත් වුයේද දැරියක් වැඩි විය පැමිණිමේ සාදයක් සංවිධානය කර පුද්ගලයින් ඒකරාශි වීම නිසාය.

මේ අපේ ලංකාවේ මිනිසුන්ගේ වගකිම් විරහිත් හැසිරිම් වල ඉතාම ස්වල්පයක් පමණි. තව අනාවරණය නොවු, අනාවරණය වු සිද්ධීන් රැසක් ඇත. මේ සියල්ලන්ගෙන්ම කියාපාන්නේ ඔවුන්ගේ ඇති ආත්මාර්ථකාමීත්වයය. මෝඩකමය. නොදැනුවත්කමය. නමුත් මොවුන් නිසා අනතුරට වැටෙන්නේ මුලු රටක්මය. 

අද (21) උදෑසන වන විට ලංකාවේ කොවිඞ් 19 ආසාදිත රෝගීන් 71 කු වාර්තා වී තිබු අතර නිරෝධායන මධ්‍යස්ථාන 22 ක 3063 ක් නිරෝධායනයට ලක් වෙමින් තිබුණි. මින් 31 ක් විදේශිකයෝය. එමෙන්ම 11842 ක් ස්වයං නිරෝධානයට ලක් කර තිබුණි.

තව පිරිසක් ජිවිතය පරදුවට තබා රට මේ වසංගතයෙන් බේරා ගැනීමට කටයුතු කරන අවස්ථාවක මෙවන් වගකීම් විරහිත පුද්ගලයින් සිටිම ඛේදජනකය.

-ශානිකා මාධවී-






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.