English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නිසි කල බලා උදයංග වීරතුංග ලංකාවට!
(2020-02-14)

<< Go Back
Share |   


මෙතෙක් කලක් ශ‍්‍රි ලංකාව මඟහැර විදේශගතව සිටි රුසියාවේ  හිටපු ශ‍්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (14) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණෙමින් සිටියදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.

මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ යුක‍්‍රරේනයෙන් මිග් යානා මිලදි ගැනිමේ ගණුදෙණුවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විශේෂ විමර්ශනයකට අදාලවය.

මෙම විමර්ශනයට අදාලව මීට පෙර ඔහුව අත්අඩංගුවට ගැනිමට පොලිසිය උත්සහ කළද ඔහු ඩුබායි වෙත ගොස් සැඟවී සිටියේය. මොහුව අත්අඩංගුවට ගැනීමට කොළඹ අධිකරණය විසින් ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කර තිබුණි.

උදයංග වීරතුංග යනු මහින්ද රාජපක්ෂගේ මහතාගේ ඥාති සොහොයුරෙකි. මොහු ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවිම වෙනුවෙන් ඩුබායි හිදි එළිය සම්මන්ත‍්‍රණයද සංවිධානය කිරිමට සහාය පළ කර තිබුණි. මෙතෙක් කලක් සැඟවි සිටි මොහු ලංකාවට පැමිණෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වු පසුවය. එසේ ඔහු පැමිණෙන්නේ ආණ්ඩු පාර්ශවයෙන් ලැබුණු යම් සහතිකයක් මතද? යන්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් සැකයක් මතුකර ඇත.
 
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.