English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රිෂාඩ් බදියූදීන් විමල්ගෙන් කෝටි 100 ක් ඉල්ලා නඩු කියන්න සූදානම්!
(2020-02-13)

<< Go Back
Share |   


තම චරිතය ඝාතනය කිරිම සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇමතිවරයාගෙන් රුපියල් කෝටි 100 ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසි යැවු බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා පවසයි.

සති දෙකක කාලයක් මේ සඳහා ලබා දෙන බවත් ඉන් අනතුරුව නඩු මාර්ගයට යන බවද ඔහු පවසයි.

ඇමෙරිකා ජනපදයේ තමන්ට බැංකු ගිණුමක් ඇති බවත් ඊට තමන් ඩොලර් ලක්ෂයක් තැන්පත් කර ඇති බවටත් විමල් වීරවංශ ඇමතිවරයා චෝදනා කර සිටින බවත් නමුත් තමන්ට ඇමරිකා ජනපදයේ බැංකු ගිණුමක් නැති බවද ඔහු කියා සිටියි.

එමෙන්ම තමන්ගේ නිවසින් සී.අයි.ඩී එකට ඔප්පු කොපි සිය ගණනක් හමු වු බව විමල් වීරවංශ ඇමතිවරයා කියන බවත් සී.අයි.ඩී එක පරික්ෂණයක් කරන්නේ නම් ඒවා විමර්ශන අවසන් වීමට පෙර කථා කරන්නේ මොහු පොලිසිය භාර ඇමතිවරයා නිසාද? නැතහොත් සී.අයි.ඩී ය සමඟ හොර සම්බන්ධතාවයක් තිබෙනවාදැයි රිෂාඞ් මහතා විමසා සිටියි.

මේවා ඔප්පු කර පෙන්වන ලෙස ඔහුට තමන් අභියෝග කර සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.