English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජනපතිගේ වියත් කිරි කළයේ... පුත්තලමේ ගොම බිංදුව!
(2020-02-13)

<< Go Back
Share |   


කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා යනු 2015 දි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු මන්ත්‍රීවරයෙකි. හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති නමුදු ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිලිබඳ කිසිදු තැනක සඳහන්ව නොමැත. මොහුගේ වැඩිමහල් සොහොයුරා වන්නේ ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරාය.

1999 වසරේදී ආරච්චිකට්ටුව ඡන්ද මධ්‍යස්ථානයකදී එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෙකුට බැන තර්ජනය කිරිමක් හා ජීව උණ්ඩ 05 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සනත් නිශාන්තව අත්අඩංගුවට ගන්නා විට ඔහු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකි. මේ සම්බන්ධ නඩුව දිගින් දිගටම හලාවත අධිකරණයේ පැවතුණි. මේ අතර 2008 නොවැම්බර් 24 වෙනි දින ආරච්චිකට්ටුව, කරුක්කුලිය  ජයතිලකාරාම විහාරස්ථානයේදි රාජකාරියේ යෙදී සිටි එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම් ධනසේන පුරසිංහ මහතාට සනත් නිශාන්ත හා ඔහුගේ සොහොයුරු ජගත් සමන්ත පහර දී තිබුණි. මේ සම්බන්ධවද ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි. පසුව ඇප මත මුදා හැරුණු අතර එහි ඇප කොන්දේසියක් වුයේ සෑම ඉරුදිනකම හලාවත පොලිසියට පැමිණ අත්සන් කළ යුතු බවය. නමුත් මොවුන් 2017 අගෝස්තු මාසයේ සිට ඇප කොන්දේසිය කඩ කර ඇති අතර ඒ සම්බන්ධයෙන්ද අත්අඩංගුවට පත් වු අයෙකි.

එමෙන්ම 2016 ජුනි මාසයේදි සනත් නිශාන්ත දැදුරු ඔය අසල පිහිටි පොලිස් මාර්ග බාධකයේ යෙදී සිටි පොලිස් නිලධාරින්ට බැන තර්ජනය කිරිමේ සිදු වීමක්ද වාර්තා වු අතර ඒ සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශනද සිදු කලේය.

මේ සනත් නිශාන්තගේ ඉතිහාසයෙන් ඉතා බිඳක් වන අතර තව බොහෝ දේවල් ඒ තුල ඇත. එවන් පුද්ගලයෙකුගෙන් දේවානී ජයතිලක වැනි කාන්තාවකට කුමන අභියෝගයක් එල්ල වේදැයි කිව නොහැකිය.

මේ අතර ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජිවි සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ඊයේ ප්‍රකාශ කර තිබුණේ වනජිවි පනත ගැන සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට දැනුමක් නොමැති බවත් තමන් දේවානි ජයතිලක නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බවත්ය.

තවම මේ සිද්ධිය සමාජ මාධ්‍ය වල උණුසුම් පුවත් මවමින් සිටින අතර එහි අවසානය කොතනකදැයි අවිනිශ්චිතය. නමුත් එහි අවසානය තෙක් මුලු රටම අවදියෙන් සිටින බව නම් නොරහසකි.

-ශානිකා මාධවී-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.