English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
“මිල සුත්‍රය තිබුනානම් මේ වන විට ඉන්ධන මිල රු.11 න් අඩු කරන්න තිබුණා” - ආනන්ද පාලිත (ඛනිජ තෙල් ජාතික සේවක සංගමය)
(2020-02-12)

<< Go Back
Share |   


ලංකාවේ මිල සුත්‍රය තිබුණා නම් ඩීසල්, පෙට්ට්‍රල් මිල දැන් ඇති මිලට වඩා රුපියල් 11 කින් අඩු කිරිමට හැකි බව ජාතික සේවක සංගමයේ උප සංවිධායක, ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ මෙහෙයුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

ලෝකයේ බොර තෙල් මිල මේ දින වල අඩු වී ඇති හෙයින් එම සහනය ලබා දීමට හැකියාව ඇති බවත් මේ වන විට ආණ්ඩුව 92 ඔක්ටේන් වර්ගයෙන් රුපියල් 55 ක්ද, 95 සුපිරි ලීටරයකින් රුපියල් 68 ක්ද, සාමාන්‍ය ඩීසල් ලිටරයකින් රුපියල් 15 ක්ද, සුපර් ඩීසල් වලින් රුපියල් 35 ක්ද බදු ගන්නා බවත් මෙහි සැබෑ මිල මොකද්ද? යන්න එළියට නැති බවත් ඔහු පවසයි.

මේ ආණ්ඩුව වගේම 2005 ජුලි මාසයේදි මහින්ද රාජපක්ෂ මහතා එවකට තිබු මිල සුත්‍රය නැවැත්තු බවත් ඉන් අනතුරුව ඉන්දීය ලංකා ඔයිල් සමාගමට සියයට අටේ බැඳුම්කරයක් මත මිලියන 11000 ක් ගෙවු අතර ඒ වෙනුවට රජය තෙල් සංස්ථාවට මිලියන 34000 ක් ගෙවීමට තිබු නමුදු ශත පහක්වත් ගෙව්වේ නැති බවද ආනන්ද පාලිත මහතා පවසයි.

ඔහු මේ බව හෙළි කර සිටියේ අද (12) දින රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදීය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.