English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නිකම්ම මරණ සහතික භාරගන්න අපි සුදානම් නෑ! - පුබුදු ජාගොඩ
(2020-02-11)

<< Go Back
Share |   


දස දහස් ගණනාවක් අතුරුදහන් වුයේ හමුදාවට භාර දීමෙන් පසුව වන අතර ඔවුන් කවුද ඝාතනය කළේ? කොහොමද? කියා කියන්නේ නැතිව නිකම්ම මරණ සහතික භාර ගන්න සුදානම් නොමැති බව සම අයිතිය ව්‍යාපාරයේ පුබුදු ජාගොඩ මහතා පවසයි.

මේ විදිහටම 1971 දී විසි දහසක පමණ ජනතාවක් ,1989 අග භාගයේදි හැට දහසක පමණ ප්‍රමාණයක් නිරායුධව අත්අඩංගුවට ගෙන මරා දමා මරණ සහතික නිකුත් කර අත සෝදා ගත් බවත් මෙවර ඊට ඉඩ තියන්නේ නැති බවත් ඔහු කියා සිටියි.

පෙබරවාරි 19 වෙනි දින එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය හමු වු අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතුරුදහන් වුවන් සියලු දෙනා මිය ගොස් ඇති බවත් ඔවුන් සියලු දෙනා වෙනුවෙන් මරණ සහතික නිකුත් කරන බවත් පවසා ඇති බව ඔහු පවසයි.

යුද්ධ භූමියේදි මොවුන් මිය ගොස් ඇති බව කියා ඇති නමුත් යුද්ධ භූමියේදි මිය ගිය අයගේ ප්‍රශ්නය වෙනත් ප්‍රශ්නයක් වන අතර යුද්ධ භූමියේන් බැහැරව අතුරුදහන් වු අය සිටින බවත් ලලිත් කුමාරවීරරාජ් හා කූගන් මුරුගානන්දන් යන සහෝදරවරු පැහැර ගැනීමට ලක්ව අතුරුදහන් වුයේ යුද්ධය නිමා වී වසර දෙකකට පමණ පසු අධික ආරක්ෂිත කලාපයකදී බවත් ඔහු කියා සිටියි.

ඔහු මේ බව මාධ්‍ය වෙත කියා සිටියේ අද (11) දින සම අයිතිය ව්‍යාපාරය විසින් කොළඹ ගාලු මුවදොරදි සිදු කළ විරෝධතාවයක් අතරතුරදීය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.