English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජනතාවට “දෙයියන්ගේ හාල්” පෙන්නා ආණ්ඩුව මැතිවරණ සූදානමක - චමීර පෙරේරා
(2020-02-11)

<< Go Back
Share |   


ජනතාවට දෙයියන්ගේ හාල් පෙන්වා ආණ්ඩුව මැතිවරණ සුදානමක බව දේශපාලන ක්‍රියාධර චමීර පෙරේරා මහතා පවසයි.

මේ රජය පොරොන්දු රාශියක් කරපිට තබාගෙන බලයට ආවත් දැන් මාස තුන හමාරක් ගත වී ඇතත් පොරොන්දු ලබා දීම වෙනුවට පහුගිය රජය කාලේ ලබා දුන් සුබ සාධන පවා කප්පාදු කරමින් තිබෙනවා යැයි ඒ මහතා පවසයි.

ගර්භණි මාතාවන්ට පෝෂණ මල්ල ලබා දීමට නොහැකිව සිටින බවත් අතිකාල දීමනා කප්පාදු කර ඇති බවත් නමුත් ජනතාවට සහන දීමට බැරි වුණත් රජය බලයට ආපු ගමන් ගල්,වැලි,පස් ජාවාරම්කරුවන්ට සහන ලබා දුන් බවද ඔහු පවසයි.

එමෙන්ම රතුපස්වල පානීය ජලය ඉල්ලා විරෝධතා කළ නිරායුධ මිනිසුන්ට වෙඩි තැබු හමුදා නිලධාරියාට උසස් වීමක් ලබා දීමටත්, ශිෂ්‍යන් 11 ක් පැහැරගෙන චෝදනාවට ලක්ව සිටින නාවික හමුදා නිලධාරියාට උසස් වීම් ලබා දිමට කටයුතු කිරිම තුලින් ශිෂ්‍යයන්ට වැරදි චිත්‍රයක් මවා දී ඇති බවද චමීර පෙරේරා මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.