English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
පැණි බීම වලට බදූ සහන දූන්නේ කාගේ උවමනාවටද? - අසේල සම්පත් (මහජන අයිතීන් සුරැකීමේ පදනම)
(2020-02-11)

<< Go Back
Share |   


පැණි බීම වලට සහන මල්ලෙන් බදු සහන ලබා දුන්නේ කාගේ උවමනාවටදැයි තමන් විමසන බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

2012 වසරේ පාසල් ආපන ශාලා අර්බුදය මේ රටට හෙළි කළ බවත් ඒ අනුව 2015 පත් වු යහපාලන ආණ්ඩුව මෙය ප්‍රබල කරුණක් කරගෙන බහුජාතික සමාගම් වලට හිස නමන්නේ නැතුව පැණි බීම වලට අදාල බදු පනවා විශේෂ සැලැස්මක් තුල පාසල් ආපන ශාලා වලින් සියලුම පැණි බීම බවත් කළ බවද ඔහු පවසයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ලබා දෙන බදු සහන මල්ල අතරට පැණි බීම එක් කර ඇති බවත් එසේ පැණි බීම වල බදු සහන අඩු කරන්න ඔහු තිරණය කළේ කවුරු ඉල්ලු නිසාදැයි තමන් විමසනවා යැයිද අසේල සම්පත් මහතා පවසයි.

යහපාලන ආණ්ඩුව බිලි බා ගැනීමට නොහැකි වු බහුජාතික සමාගම් මේ ආණ්ඩුව බිලි බා ගනිමින් සිටින බවත් ඒ නිසා බදු සහන පහලොස් දහස අතර පැණි බීම ඇති බවත් ඔහු කියා සිටියි.

රුපියල් 70 ට තිබු මිලිලිටර් 400 බෝතලය දැන් රුපියල් 10 කින් අඩු වී ඇති බවත් ලීටරේ බෝතලය රුපියල් 20 කින් අඩු වී ඇති බවද මේ බදු සහන ලබා දිමෙන් පාර දෙපස සරුවත්, නෙල්ලි බීම, දොඩම් වීදුරුවක් විකුණා ගත් අහිංසක මිනිහාට මොකද? වෙන්නේ කියා බදු සහන ලබා දුන් අයගෙන් විමසා සිටිනවා යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (10) බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදීය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.