English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ඇමති සොක්කන්ට ජනපතිගෙන් තහංචි!
(2020-02-11)

<< Go Back
Share |   


අගමැති, ඇමති හා රාජ්‍ය ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වල සාමාජිකයින් හා වෙනත් අවශේෂ නිලධාරින් සංවර්ධන ව්‍යාපෘති හා රජයේ කටයුතු සම්බන්ධයෙන් ලියුම් නිකුත් කරමින් හා දුරකථන ඇමතුම් දෙමින් කරන ඉල්ලීම්, උපදෙස් දීම් හා නියෝග නොපිළිගන්නැයි ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා අගමැති ලේකම්වරයා ඇතුලු සියලුම අමත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් යවා ඇති බව ඊයේ (10) දින මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

ජනාධිපති ලේකම්වරයා මෙම චක්‍රලේඛය යවා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව බවත් එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

වර්තමානය වන විට අගමැතිවරයාගේ සිට ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා දක්වාම වැඩ කෙරෙන්නේ රජයේ අදාල නිලධාරීන්ට අවැසි විදිහට නොව ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වල උවමනාඑපාකම් මත සිටය. ඇතැම් විට පාරවල් කොන්ක්‍රීට් කෙරෙන්නේද නිලධාරියාට අවශ්‍ය විදිහට නොව පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරින්ට අවශ්‍ය විදිහටය.

වැඩක් කර ගැනීමට අමාත්‍යාංශයකට හෝ ප්‍රාදේශිය සභාවකට ගියද එහි සිටින අදාල රජයේ නිලධාරියාට වඩා උපදෙස් දෙන්නේ ඇමතිවරයාගේ හෝ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරින් විසිනි. ඇතැම් විට රජයේ නිලධාරියා වුවද ඔහුගේ බලය භාවිතා නොකොට මේ පෞද්ගලික කාර්ය මණ්ඩල වල සුවච කීකරු ගෝලයින් බවට පත්ව සිටින්නේ ඔවුන් ලවා ඇමතිවරයාට හෝ මන්ත්‍රීවරයාට කියා ලකුණු දමා ගැනීමටය. රාජකාරිය හරියට කරන නිලධාරින් ඇතැම් විට ස්ථාන මාරු කර යැවීමට මුලික වන්නේද මේ පෞද්ගලික කාර්ය මණ්ඩල වල සාමාජිකයින්ගේ ක්‍රියා කලාපය.

ඇතැම් විට ඇමතිවරයා නිහතමානී විය හැකිය. නමුත් ඔහු වටේ සිටින ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ජනතාවට රැවුම් ගෙරවුම් කරන්නේ තමන් ඇමති ලෙස සිතාගෙනය. රට්ටුන්ටද දැන් මේ ගෙරවිලි හුරුය.

තම ඡන්දයෙන් තේරී පත් වන ඇමතිවරුන්ගෙන් මන්ත්‍රීවරුන්ගෙන් සේවය ලබා ගැනීමට ඡන්ද දායකයාට අයිතියක් ඇත. එය වැලැක්වීමට කටයුතු කිරිම, ප්‍රමාද කිරිම තුලින් සිදු වන්නේ අයහපතක් මිස යහපතක් නොවේය. එහෙයින් ජනාධිපතිවරයා ගත් මේ තීරණය ඉතාම කාලෝචිතය. රටේ දුෂණ, වංචා, අක්‍රමිකතා හා බලය අනිසි ලෙස පරිහරණය කිරිම වැලැක්වීමට ඔහු ගන්නා උත්සහය පැසසිය යුත්තකි.

-ශානිකා මාධවී-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.