English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
කොරොනා නිසා ඔලිම්පික් උළෙලත් කල් යන ලකුණු ..!
(2020-02-10)

<< Go Back
Share |   


2020 ජූලි 24 වැනිදා ජපානයේ ටෝකියේ නගරයේදී ආරම්භ වීමට නියමිත ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළෙලටද කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල විය හැකිද යන්න පිළිබඳව ඔලිම්පික් බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000 කට වැඩි පිරිසක් සහභාගි වන අතර ඊට අමතරව ක්‍රීඩා බලධාරීන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, මාධ්‍යවේදීන් ඇතුළු තවත් සැලකිය යුතු ප්‍රමාණයක් ටෝකියෝ නගරය වෙත පැමිණීමට නියමිතය.

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය ජනවාරි මස කටයුතු කල අතර, ලොව පුරා රටවල් 14ක මේ වන විට කොරොනා වෛරසය පැතිර ඇති බව සෙයාගෙන තිබේ. පෙබරවාරි 10 වන දින වන විට චීනයේ පමණක් කොරෝනා ආසාධිත රෝගීන් 40100 සිටින බව වාර්තා වන අතර, ඉන් මිය ගිය ගණන 908 ක් බවත් මේ වන විට වාර්තා වේ.

ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත ජපානයේද, පසුගියදා  කොරෝනා අසාධික රොගීන් කිහිප දෙනෙකු සොයාගෙන ඇති නිසා තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ඔලිම්පික් උළෙලත් කල්යාමට බොහෝ ඉඩ ඇති බව දේශපාලන විචාරකයින් පවසයි.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.