English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහනේ වයස් සීමාව ඉහළට...
(2020-02-10)

<< Go Back
Share |   


රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ රැකියා සඳහා අයදුම් කිරීමේදී පනවා තිබූ  වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,  අවුරුදු 35 ඉක්මවූ උපාධිධාරීන්ගේ සහ මහජන සංවිධානවල ඉල්ලීම් සලකා බලා අදාළ වයස් සීමාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා තීරණය කළ බවයි.

රැකියා අපේක්ෂකයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019 – 12- 31 දින වනවිට සම්පූර්ණ කර තිබිය යුතු වේ.

අයදුම්කරු අයැදුම්පත යොමු කරනු ලබන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතු බවත් පදිංචිය සහ 2020-01-01 දිනට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් සහතික කළ යුතු බව ද අදාළ නිවේදනයේ වැඩිදුටරත් සඳහන්ව තිබේ.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.