English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
විදේශ අධිකරණයන් දෙකක දී නිරාවරණය වු බරපතල අපරාධ දෙකක්..
(2020-02-09)

<< Go Back
Share |   


පසුගිය දා විදේශ අධිකරණයන දෙකකදී ලංකාව සම්බන්ධව ඉතා වැදගත් අපරාධයන් දෙකක් සම්බන්ධව කරැනු හෙළි විය. ඉන් පළමු වැන්න වුයේ ලංකාවේ හිටපු කීර්තිමත් දේශපාලනඥයෙකු මෙන්ම විදේශ ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙකුට ජර්මන් අධිකරණයකින් දඩුවම් ලැබීමයි.

ජර්මනියේ ස්ටුඩ්ගාඩ් හි කලාපීය අධිකරණයක දී විභාග වූ නඩුවක දී හිටපු ඒල්ටීටීඊ සමාජිකයෙකු වූ ජී.නාදන් නැමැත්තා ලක්මන් කදිරගාමර් මහතාගේ ඝාතණය සදහා සහාය දැක් වූ බවට වරදකරැ කරමින් වසර 6කුත් මාස 10ක සිර දඩුවමක් පමුණුවා තිබේ.

දෙවැනි සිද්ධිය වුයේ ශ්‍රී ලංකාව තුළ සිදු වූ බරපතල මුල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් වූ අතර, ඒය පසුගියදා ඒංගලන්තයේ, ලංඩන් නුවර සවුත්වොක් රාජකීය අධිකරණය තුළ හෙලි විය. ඒ්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රංශයේ ඒයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම සදහා ඇති කර ගත් අවබෝධතා ගිවිසුම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 16ක අල්ලස් මුදලක් ඉල්ලා සිටීම සම්බන්ධවයි.

මෙම හෙලිදරව්වත් සමග අදාල පුද්ගලයන්ට ඒරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට බලකෙරුනු අතර, මෙම ගනුදෙනුවට සම්බන්ධව බවට හෙලි වූ ශ්‍රී ලංකන් ගුවන් සමාග‌මේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිද ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අංගුවට ගෙන අධිකණයට ඉදිරිපත් කිරීම සදහා නීතිපති නියෝගය ලබා දෙන ලදී.

දැනට හෙලි දරව් වී ඇති කරුණු අනුව යහපාලන රජය විසින් මෙම ගනුදෙනුව අවලංගු කරනු ලැබීම නිසා ඉහත අල්ලස් මුදලින් ඩොලර් මීලියන 2ක මුදලක් (රැපියල් කෝටි 36) එයාර් බස් සමාගම විසින් අදාල පාර්ශවකරැවන්ට ලබා දී තිබේ.

2015ට පෙර පැවති රජය සමයේ සිදු වූ මෙවැනි මහා පරිමාණයේ වංචා හා දූෂනයන් විශාල ප්‍රමාණයක් ගැන කතා බහ වුවත්, ඒ්  පිළිබදව සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පැවති යහපාලන රජයට නොහැකි විය. නමුත් අහම්බෙන් හෝ විදේශ අධිකරණයන් තුල දී හෝ ලංකාවේ සිදු වූ මෙවැනි බරපතල අපරාධ සම්බන්ධව කරැණු හෙලි වී අදාල අපරාධකරැවන් නීතියේ රැහැනට හසුවීම පිළිබදව අප සතුටු විය යුතුය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.