English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් තිදෙනෙක් අද මෙරටට
(2020-01-14)

<< Go Back
Share |   


විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් තිදෙනෙකු අද (14) අලුයම මෙරටට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Serjev Lavrov ) ශ්‍රී ලංකාවේ  දෙදින නිල සංචාරයක් සඳහා අද (14) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඒ මහතා සමඟ දූත පිරිස 42ක් ද පැමිණ ඇත.

මෙම පිරිස අද උදෑසන 6.35ට රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ  තිබේ.

2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව රුසියානු සමූහාණ්ඩුවේ පළමු නිල සංචාරය මෙය වේ.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ  දෙදින නිල සංචාරයක් සදහා අද (14)  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

ඔවුන් අලුයම 3.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඇය සමග තිදෙනකුගෙන් යුතු දූත පිරිසක්ද පැමිණ සිටියහ.

චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතාද අද දින  ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඒ මහතා සමග දූත පිරිස වශයෙන් 16 දෙනෙක් ද පැමිණ සිටියහ. මෙම පිරිස චීනයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් තිදෙනාම මෙරට රැඳී සිටින කාලය තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව හමු වීමට නියමිතය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.