English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වෛද්‍ය ෂාෆි සේවයේ පිහිටුවා නැහැ! - රාජ්‍ය සේවා කොමිෂන් සභාව
(2020-01-14)

<< Go Back
Share |   


අනිවාර්ය නිවාඩු ගන්වා ඇති වෛද්‍ය එස්.එස්.එම් ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස කර ඇති ඉල්ලීම පිළිබඳ තවමත්  අවසන් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

අධිකරණය මගින් ඇප පිට මුදාහැර ඇති වෛද්‍ය එස්.එස්.එම් ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය වල විවිධ තොරතුරු පැතිර යමින් තිබේ. ඒ් නිසා ඒ්  සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව සඳහන් කර ඇත.

අදාල වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා  එහි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇති අතර මෙතෙක් එම වාර්තාව ලැබී නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

එම වාර්තාව සහ වෛද්‍ය එස්.එස්.එම් ෂාෆි මහතාගේ ඉල්ලීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සිය නිර්දේශ ඉදිරිපත් කරන තෙක් වෛද්‍යවරයා යළි සේවයේ පිහිටුවිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

 







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.