English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වැඩි කළ වැටුප නැත්තනම් ඡන්දය නෑ! - පහතරට වතු කම්කරුවන්ගෙන් රජයට රතු ඒළි
(2020-01-13)

<< Go Back
Share |   


තෛයිපොංගල් දිනයට පෙර වැඩිකළ වතු කම්කරු වැටුප ලබා නුදුන්නහොත් ඉදිරි මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින බව  පහතරට වතු කම්කරුවන් පවසති.

හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් යුතුව තෛයිපොන්ගල් උත්සවය මෙම 15 වෙනි දිනට යෙදී ඇත. සූර්යාට හා ගව මහේෂාදීන්ට කෘත ගුණ සැලකීම මුල් කරගෙන පැවැත්වෙන තෛයිපොන්ගල් උත්සවය තුළින් වසර පුරාම ඔවුන් සොබාදහමේ හා දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙති.

ඉර හද මෙන් විශ්වාස කරමින් බලයට පත්කළ පාලකයා ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි කම්කරු  වැටුප රුපියල්  දහස දක්වා වැඩි කිරීම මෙතෙක් සිදු නොවු බව පහතරට වතු කම්කරුවන් පවසන්නේ ඉතාමත් කළකිරීමෙනි.

මේ සම්බන්ධයෙන් ලංකා වැවිලි කම්කරු අතු කොඩි සංගමය, ලංකා වතු කම්කරු සංගමය, ලංකා ජාතික වතු කම්කරු සංගමය හා නිදහස් සේවක සංගමය වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් 15 දිනට ප්‍රථම වැඩි කළ වැටුප ලබා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළයාම, විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිවීම, පාසැල් ළමයින්ගේ පොත්පත් ආදිය මිලට ගැනීමට නොහැකිවීම යන කරුණු  නිසා  අන්ත අසරණ තත්වයට තමන් පත්ව ඇත. පහතරට වතු කම්කරුවන් විසි පන්දහසකට අධික පිරිසක් සිටිති.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.